Sunday, September 23, 2012

බිඳුණු බඳුන් ඉවතලම්ද මෙලෙසේ .....



  

කඩපිල උතුරලා යනතරම් මහ වැස්ස. උදේ ඉදන්ම වහින්න පටන් ගත්ත වැස්ස තොරතෝංචියක් නැතුවම නොනවත්වාම ඇදහෙලෙන්නට විය. වැහිවලාකුළු වලින් බරවෙලා තුබුන අහස දිහා බලාගෙන ,"අද නම් තව පැයගනකටවත් පායන එකක් නැතිවෙයි වගේ නොවැ" යි පීටර් තමාටම කියාගත්තේය. 
පීටර් කඩපිලට වෙලා හිටියේ ගෙදර යන්න බස් එකක් එනකල්.

                                         පීටර් ගෙදරින් පිටත්වුනෙත් වැස්සෙමයි,පරණ හිතවතෙක්ගේ ගෙදරක අවමංගල උත්සවේකට ,වැස්සේම වුනත් ඔහු ගෙදරින් පිටත්වුනේ සිය බිරියගේ ගෝරනාඩු නිසා...මලගෙදර ගිහින් වෙන්නතියෙන දෙවල්හොයලබලලා හානි හනිකට යන්න පිටත්වුනේ ඉක්මනටම ගෙට ගොඩවෙන්න හිතාගෙන .
          ඒත්බස් කීපයක්ම පීටර් පහුකරගෙන වේගයෙන් ඇදුනේ, පාරට පැනල ,බස් එකට අත දාපු පීටර්ව නොදැක්ක ගානට. අවසන් බස් එකත් තමන් පහුකරන් ඈතට ඇදෙනකොට පිටර්ට දැනුනේ කියගන්නබැරිතරම් අසරණකමක්.දුරට ඇදිල නොපෙනී යන බසෙක දිහා පීටර් බලන් හිටියේ කියාගන්න බැරිතරම් වෙදානවකින්.තමුනුත් ඔයවගේ ගිය නේද කියල පීටර් කල්පනා වුනා .

ඔහුත් බස් රියදුරෙක්.අවුරුදු 30කටත් වඩා කල් වැඩකරපු පීටර් විශ්‍රාම අරන් දැන් අවුරුදූ එකහමාරකට වැඩි නැත.ඒ දවස් වල ඔහුගේ පයින් ගමනක් ආසවකටවත් දකින්නට නම් නොහෙකිය. ඉස්සර පීටර් ගේ ගෙදර කට්ටිය බස් වල ගියත් ඔවුන්ට නම් ටිකට් ලැබෙන්නේ නම් නැත.ඔහු කඩේට ගියෙත් බස් එකෙමය.ඔහුව දැක්ක තැන ඕනම රියදුරෙක් බසය නතර කරන්නේ අහ්හ් පීටර් අයිය ,නගින්න අපි ගිහින් බස්සන්නම් කියාය.ඒත් අද බස්  ගණනක් යනතුරුත් ඔහු පාරේය.ඉන් එක්කක් වත් නිකමටවත් ඔහු අසල නවත්වනවා තබා ඔහු දුටුවේද නැත.වෙනදා අදුරන කවුරුහරි දැක්ක ගමන් ආ ..... ඩ්‍රයිවර් මහත්තයා කියල නොවරදවාම කතාකර ගියත් ,අද මලගෙදරදී දැක්ක උදවිය තමාව තඹයකට මායිම් නොකළ බව ඒ සමගම ඔහුට සිතුණි.


                                    කොහොමින් කොහොමින්හරි ගොම්මන් කරුවල වැටීගෙන එන විට පීටර් ගෙට ගොඩ වුන.ඒ එනකොට පිටර්ගේ හාමිනේ ගෙදර හිටපු පුසිට ගහනවා ඉලපතෙන්ම "හොරා කනවා" කියල.ඒක දැකපු පීටර් "පුසිත් දැන් මන් වගේ" කියල තමන්ටම කියාගත්තා.

               
                ගෙදර හිටපු මී වසංගතේ වඳ කරන්න හිතාගෙන පිටර්ගේ හාමිනේ ඔය පුසීව අරන් ඇවිත් හැදුවේ දරුවෙක් හදනවා වගේ.කිරි පොවලා,නවල ඒ කාලේ ඌව හදපු තාලේ බලන්න ආසයි. ඒත් වයසට ගිහිල්ල ,ඇට පෑදිල ඉන්න ඌට  දැන් කිසිම සැලකිල්ලක් නෑ. ගෙදර තිබුන මී කරදරේ දැන් අඩු උනත් ඉන්න මීයෙක් වත් දැන් ඌට අල්ලගන්නත් බෑ. දැන් ඌ කුස්සියට ගියත් වැරදී.ගෙට ගියත් වැරදී. කෑවත් වැරදී,නොකෑවත් වැරදී.ඔන්න ඔය ටික සිහිපත් වෙලා තමයි  පීටර්ට හිතුනේ "දැන් පුසිත් මන් වගේ......." කියල.
              


                           ඉස්සර වැඩට ගිහින් එනකොට නම් හාමිනෙයි,දරුවොයි පිටර් ට බොහොම අගේට සැලකුව හරියට රජෙක්  ගෙදරට එනවා වගේ.කෑමද ,බිමද ,හැමදේම ළඟටම ගෙනත්දුන්නේ වැඩකාරයෝ වගේ.බුලත්විට පවා අතටම ලැබුණා .ඔහු විශ්‍රාම ගිහින් මේ ගතවුණු අවුරුදු එකහමාර ඉවරවෙද්දී ,ඒ සැලකිලි,ගරුබුහුමනුත් ටිකෙන් ටික අඩුවෙලා ගියේ පීටර් නොදැනුවත්වම. දැන් ඔහු කෑවත් වැරදී,කෙල ගැහුවත් වැරදී.නිදාගත්තත් වැරදී,එලියට ඇවිදින්න ගියත් වැරදී.

එක්කෝ "බුලත් විට කල හැමතැනම කෙල ගහල,ගන්නදෙයක් නෑ ...ඔක්කොම විනාසයි "කියමින් හාමිනේ හෝ දරුවෙක් කියවන්නට ගනී.යේ බුලත් විට නොකා ඉන්නට තරම් ඒ වෙලාවට පිටර්ට සිතෙයි.


පිටර්ගේ හාමිනේ පුසිට ගහල කන් දෙකෙන් උස්සගෙන ගිහින් එලියට විසිකරන හැටි බලවුන් පිටර්ගේ අස් වලින් කදුළු කැට දෙකක් ගලා ගියේ "පුසිට වෙච්චදෙමයි මටත් දවසක වෙන්නේ" කියල හිතල වෙන්න ඇති ....






                                                    "මට  මහලු වයසේ
                                     බැරිය මට වැඩ පෙර සේ
                                සලකන්නට කිසිවෙකුත් නැති සේ
                                     වින්දවමි ජීවිතය රිසි සේ "



Sunday, September 16, 2012

ඔබේ සෙනෙහස මහා මෙරකි මට ......

කුසට දන්කුඩ,
ගතට වැරහැලි ,
නමුත් සතුටින් හිනැහුණේ .....
නුඹේ දුක ළඟ නොවැටී කඳුලක් ,
අපේ දුක ළඟ 
වැගිරුනේ .......






Thursday, September 13, 2012

සරසවියට ගිය ගමනක් .........

"පුතේ නැගිටින්නකෝ යන්න පරක්කුවෙනවනේ " 

ඒ අම්මගේ හඬින් හොඳ හීනයක් බලමින් සිටි මා තිගැස්සී අවදිඋනෙමි.එදා මගේ ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරල්ලන්නට මට අවස්ථාව ලැබුණු  දිනයකි .අදින් මස 2 කට පමණ පෙර එනම් 2012/01/22 මට අද වගේ මතකය. වෙලාව පාන්දර 3 වැදුනා පමණි .අපේ ගෙදර මහා කලබලයකි .මටත් වඩා ඕනෑකමකින් හානි හනිකට ලැස්තිවුනේ අපේ ගෙදර අයයි. එදා මා මුලින්ම විශ්වවිද්‍යාලයට යන දවස .අම්ම ,තාත්තා ,මල්ලි ,නංගි පමණක් නොව මගේ නැන්දාද මා ඇරලවීමට අප සමග එන්නට සුදානම් වී සිටියාය.කෙසේවුවත් වසර ගණනක් මා බැඳී සිටි ඒ පවුලෙන් ගොඩක් දුරකට යන බවක් හිතට නැගුනු නිසාදෝ මගේ නෙත් අගීන් කඳුළුකැට ඇදහලුනේ මා නොදැනුවත්වමය .අපහසුවෙන් වුව නෙතට නැගුනු කඳුළුකැට නෙතු තුලම සඟවාගත් මා සියලුදෙනා සමග කාරයට ගොඩවූයේ කියගතනොහැකි වේදනාවක් හිතේ ගුලිකරගනිමිනි.
   ඉතා දීර්ග ගමනක අවසානය ලංව ඇති බව පෙනී ගියේ  අපි ජය සිරි මහා බෝ සමිඳු අබියසට ලංවීමත් සමගය.මේ වනවිට මගේ දුක ටිකක් පහව ගොස් තිබුනේ ගමන අතරවාරයේ හඬ නංවමින් තිබු රේඩියෝව හා අපේ කතාබහ නිසා වියයුතුය.අපි උදැසන 7 පමණ වනවිට කලින් සැලසුම් කරගත් පරිදිම ජයසිරිමාසමිදු පුදන්නට පැමිණියේ අම්මගේ මෙන්ම තාත්තගේ අදහසකට අනුවය. එතනින් රුවන්වැලිසෑරදුන්ගේ අසිර්වද ලද අපි සෙමින් සෙමින් පුජනිය මිහින්තලය නගරයට සේන්දු උනෙමු.ඒ වනවිට මගේ හදවත ගැහෙන වේගය ගැන මටවත් හිතාගන්නට නොහැකිවිය.



මද දුරක් ඉදිරියට ඇදෙද්දී අප නෙත ගැටුනේ පාර අයිනෙම පිහිටි විශ්වවිද්යලයි.උදැසන අහාර ගැනීම සඳහා අපි නැවත වාහනය හරවාගෙන මිහින්තලය නගරයට ගියේ අම්මගේ අදහසකට අනුවය.මාර්ගය දෙපසම දකින්නට ලැබුනේ මා වැනිම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පැමිණ ඇතැයි අනුමාන කල හැකි සිසු සිසුවියන් පිරිසකි.උදසන් ආහාරය සඳහා එම කුඩා ටවුමේ තිබේ එක් කඩයකට අප සේන්දු වූවෙමු.එහිද මග දෙපස මෙන්ම පිරි ඉතිරි තිබුනේ සිසුන් යයි අනුමාන කල හැකි පිරිසකිනි. කෙසේහෝ ආහාර  ගෙන අවසන් කල අපි නැවත මිහින්තලය නගරය පසුකරමින් විශ්වවිද්‍යාලය දෙසට ගියෙමු .

කාරය ඒ අසලින් නැවතූ අතර මම අම්මාද සමද ගේට්ටුව දෙසට ගියෙමි. ඒ අසලම සිටියේ ජේෂ්ඨ යයි සිතිය හැකි සිසුන් දෙදෙනෙකි.ඔවුන් අමතා  "අයියේ රෙගිස්ටෙර් වෙන්නේ මෙතැනින්ද ?? " ඇසුවේ ද කිසිවක් සිත ගත නොහැකිවය. ඔවුන්ගේ මගපෙන්වීමට අනුව අප මාර්ගය එහා පැත්තේ පිහිටි කුඩා අතුරු පහරක් වෙත යොමු කෙරුණි.එහිදී දක්නට ලැබුනේ බොහෝ දෙන තම මවුපියන් සමග බඩුබහිරත් රැගෙන ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයි .එහිදී ම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ  මගේ මිතුරිය ඒ වනවිට පැමිණ ඇත්දැයි  දැනගැනීමටය .ඒ වන විට ඇය ඇතුළු වී ඇති බව දැනගත් මා අම්මා සමග අතුරුපාර  වෙතගියෙමි.මගේ මල්ලි මා ගෙනවිත් තිබු විශාල බෑගය ගෙන යාමට සහයවෙමින් සිටියේය.   





අපට වැඩිදුරක් යන්නට ලැබුනේ නැත .අප ඉදිරියට සුදු ෂර්ට් එකකින් හා කළු කලිසමකින් සැරසුණු දෙදෙනෙකු පැමිණියේය.එක් අයෙකු සතුව ඉතා ක්‍රේල් කොණ්ඩයක් තිබුණු බව මට මතකය.ජේෂ්ඨ යයි සිතිය  හැකි අයියල දෙන්නා පැමිණ මගේ බෑගය මල්ලිගෙන් ඉල්ලගන්නට උත්සහකරනවගක් පෙනුනි.බියව සිටින මා තව තවත් පුදුමයටත්,තිගස්මටත් පත්ව ගල්ගැසී බලා  සිටියෙමි."කමක් නෑ පුතේ මල්ලි අරන් එයි " ඒ අම්මාය ." නෑ ආන්ටි අපි අරන් යන්නම් " නැවතත්  හඬ අවදි කලේ අර මා කලින් කි කොණ්ඩය ක්‍රේල් අයියමය.අනෙක් අයියා නම් වැඩි කතා බහක් නැත. 

" ආන්ටිලා කොහෙද "
"අපි********* පුතා  .ඒ අම්මාය"
.
.
.
.

අම්මයි අයියයි බර කතාවක්ය .පෙනෙන විදියට නම් මොහු ඒ පැත්ත ටිකක් දන්නවා වගෙයි ,කොහොම උනත් මන් මගේ කටින් නම් එක කෙල බිඳක් වත් හෙල්ලුවේ  නැත .වැඩි සෙනේ දබරෙටලුනේ මන් බයවෙලා හිටියේ බෑග් එකත් ගිහින් දෙන්නේ නම් හොදකට නෙවෙයි කියා සිතමිනි. හෆොයි අයි මන් මෙච්චර ලොකු බෑග් එකක් උස්සන් අවේ යනගමන් මට සිතුනේ එහා මෙහා යන අය මගේ බෑග් එක දෙසට උකුසු ඇස් වලින් බැලුම් හෙලන විටය ."අම්මෝ ඇති යන්තම් ඉවරයි " මට සිතුනේ ගුරු පාර අවසානයේ ළමුන්ගෙන් පිරි තිබු භූමියක් දුටු විගසමය .

ඔන්න අම්මලා,තාත්තලා   එක්ක ළමයි ගොඩක් අර කලින් කිවුව හෝල් එකේ පිරිලා .. අයියල අක්කල එහාට මෙහාට යනවා.ඔන්න අපිව ඒ හෝල් එකෙට දාල කොම හරි රෙජිස්ටර් කරා.ඔන්න දැන් තමි හොස්ටල් රූම් බෙදන්නේ ... ඒ වැඩේ නම් කරන්නේ අක්කලා.අපි හිතුවේ නැති විදියට එයාල අපිව වෙනවෙන රූම් වලට මාරු කරලා බෙදුවා..මන් කලින් හිතන් හිටියත් අර මගේ යාළුවා වැටුනේ වෙනම රූම් එකකට.ඔන්න අක්කාකෙනෙක් අපේ රූම් එකට දාපු ළමයි 10 දෙනා එක්ක  ගියා රූම් එකට කවුරුත් අදුරන්නෙත් නෑ.අපි බෑග් අරන් රූම් වලට එක්කන් ගියෙත් අක්කලා .මගේ බෑග් එක ගොඩක් ලොකුයි නේ .... මට මතකයි
අක්කලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට බෑග් එක අරන් යන්න උදවු කලා.එත් මන් හොදටම බයවෙලා හිටියේ පස්සේ බැනුම්  අහන්න වෙයි කියලා....එත් හිතුව තරම් අවුලක් උනේ නෑ. 

      අක්කලා අපිට තැන පෙන්නලා ගියාට පස්සේ අපිට අපේ අම්මලට සමු දෙන්න වෙලාව ඇවිත් තිබුණා.ගර්ල්ස් හොස්ටල් වලට පිරිමි අයට එන්න බැරි නිසා නංගී,අම්මයි ,නැන්දයි තමයි හොස්ටල් එක ඇතුලට අවේ .අම්මලට සමුදුන්නත් මට ඒ වෙලාවේ නම් ගොඩක් දුක හිතුන.අම්මගේ ඇස් කඳුළු වරින් පිරිලා යන හැටි දැක්කම මට තවත් දරාගෙන ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා අම්මලට යන්න ඉඩ ඇරලා මන් අම්ම ඈතට ඈතට ගිහින් නොපෙනී යනකන්ම බලන් හිටියේ ගොඩක් ලොකු අසරණ කමකින්.ඊටපස්සේ අපි එකතුවෙලා කාමරේ සුද්ද කරන්න පටන් ගත්තා.පුදුම දුවිල්ලක් ,පහසුකන් නම් ගොඩක් අඩුයි කියලා හිතුනත් කරන්න දෙයක් නැනේ ගෙදර වගේ හැමතැනම නැනේ කියලා හිත හදාගත්ත. 
               යාලුවෝ අදුරගෙන ,අස්පස් කරලා බලනකොට සරසවි බිමතුල තනිවූ ඒ පළමු රාත්‍රිය උදාඋනෙ බොහොම ඉක්මනට .පාළුව රජ කල ඒ රාත්‍රිය මට නිදි සුව ලබාදෙන්නට තරම් කාරුණික නම්  උනේ නෑ .




හුදකලානොවූ සිතුවිලි -තනිකම උරුමය කරගත් එකම කලාව වූ හුදකලාවේ අරුමය ....,









                                    හිස්කම මිසක ....
                         හොඳම කලාව වූ හුදකලාවේ  
                                   ජීවිතය ගෙවන සඳ .....
                                        ජීවිත නදියේ 
                                   කලාවක් නුදුටුවෙමි. 
                                              ඒ සියල්ලේම 
                                          කලාවක් දුටුවේ 
                             මිනිසුන් අතර සිටින තුරේ දී පමණි. 
                                        හොඳ හෝ නරක 
                                    මිනිසුන් නැති තැන 
                                         ජීවිතයක් කොයින්ද   
                                      තනිකම මිසක  
                                   කලාවක් කොයින්ද    

                                            හුදකලාවම 

                                               මිසක .......


                                           
                                                                            sha




Saturday, September 8, 2012

ආශ්චර්ය සිහිනයක්ම වේද ???

ඔන්න අනේ මන් ඉයේ සෑ ඉදන්ම ජන්ද පෝලිමේ ඉදල අද උදේම මගේ වටින චන්දෙ දිලා අවේ ඔං  ,,
මේක නම් ආශ්චර්යක් !!!!!! 
කොච්චර ෂෝක්ද දැන් අපේ රට ආසියාවේ ආශ්චර්යය නොවැ.... :ඩ්
                  අද අපේ රටේ උසස් අධ්‍යාපනයට පින්  සිද්ධ වෙන්න අද අපි අපේ දෙමුපියන්ගේ වියදමෙන් ගෙවල්වලට වෙලා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඇති තරම් කාල,බීලා බන්ඩි පුරෝගෙන නැතිවෙන්න දොයි ... ඔන්න බලංනකූ ඉතින් අපිට මේ ආණ්ඩුව කොච්චර අදලෙයිද කියල නේද ???  ඒ ගැනනම් කියල වැඩක් නෑ එකනේ අද අපි පාරේ යනකොට මේ නැන්දලා, මාමල අමුතු හිනාවක් දාල අහන්නේ දැන් මොකෝ කොරන්නේ කීල... මොන කරන්නද දෙයියනේ කටක් ඇරලා කොම කියන්නද අප්පා තාම ස්ට්‍රයික් කියල ඉතින් ඔං මාත් පොඩ්ඩක් පනාව දාල කියනවා ගෙදරට වෙලා ඉන්නවා නැන්දේ කියලා .... අම්මෝ ඒ වෙලාවට නම් මට අපේ මහින්ද මාමව ,සුදු බණ්ඩා මාමව ඇහෙම මතක්  වෙන්නේ කියාගන්න බැරි සතුටකුත් එක්ක.....  :ඩ්   
අනේ ඉතින් අපිත් එක්ක එකට ඉක්කොලේ ගොහින් මේ සරසවි තොප්පිය වැටුනේ නැති ඈයෝ හොදට ජොබ් කරලා හොද ගානක් හම්බ කරලත් එක්ක මේ වෙනකොට .... දැන් ඉතින් අල්ල්ලපු අත්තත් නෑ පයගපු අත්තත් නෑ ඔං.මට නම් කමක් නෑ එත් අපේ අහිංසක අම්මටයි, තාත්තටයි මොනවා හිතෙනවා ඇත්ද ??
එක පැත්තකින් තියමුකෝ ... අර අසරණ පොඩි එඋන්ට  මොනා වෙයිද ? හදන හදන පුරශ්ණ පත්තරේ හරියටම හරිනේ නේද ඒ මදිවට දැන් උසස් පෙළ උත්තර පත්තර බලන්නේ හමුදාවෙන් දාලද මට නම් තේරෙන්නේ නැහැ .එතකොට අර 4 වෙනි පාරට විභාගේ කරපු නංගිලා,මල්ලිලට මොනවා හිතෙනවා ඇත්තද ??

                අපි පොඩ්ඩක් අපේ ගෙදරින්ම බැලුවම පේනවනේ ...අපිට කිසිම අඩුවක් නෑ හොදට කාල බීලා ඉන්නේ කියල .ඒ තරමට මිනිස්සු අතේ සල්ලි .මොනා කනවද බොනවද කියල තෝරාගන්න බැරි තරමට මිනිස්සු අසරණයි..විහිළු නේවෙයි කහට එකක් බීල වෙලා පිරිමහගන්න අය කොච්චර නම් ඉන්නවද  නේද ?? ඉතින් කියනවා ලංකාව ආසියාවේ මොක්කද්ද එකක් කොරනාවය කොරනාවය කියල මේ සමහට විට අපිට නොතේරුනාට එකේ මුලික අධියර වෙන්න ඇති නොවැ
මිනිස්සුන්ට කදුලක් කියල දෙයක් දකින්නන නෑ ,ඒ තරම් සතුටින් අද කට්ටිය ජීවත් වෙන්නේ  .ජීවන වියදම එන්න එන්නම අඩු වෙනවා නොවැ 

මෙහෙම බලනකොට රටේ ප්‍රධානම ක්ෂේත්‍ර කියල ඔය කියන අධ්‍යාපනය ,මිනිස්සුන්ගේ ජීවන රටාව කොච්චර ඉහලද කියල කියනවනම් එක දිවියලෝකෙත් පාස් කොරල වගෙයි පෙන්නේ .ඔන්න ඔහොම කලෙකනේ දැන් කට්ටිය රතු ,කොළ ,නිල් සටනක් තියන්න හදන්නේ ..  
ඔං මන් නම් උදේම චන්දෙ ප්‍රකාශ කොරලයි ආවේ පවුල් පිටින්ම ගිහින් තාත්තගේ වාහනේ පෙට්ට්‍රල් ටිකත් පුච්චගෙන ,අයියෝ සල්ලි !!! එත් එතනට ගියාම මට හිතාගන්න බැරි උනනොව කාට මගේ මනාපේ දෙන්නද කියල  ඇත්තටම මේ චන්ද දායකයෝ රටට කරලා තියෙන සේවය සුළුපටු එකක් නෙවෙයි නේ  කියල මට හිතුනේ පෝලිමේ ඉන්නකොට ..මම එක්කෙනෙකුට දෙනවා කියන්නේ එක මන් කරන අසාධාරනයනේද කියල මම හිතුව මාත් එක්ක අනිත් අය තරහ උනොත් එක්කෙනෙකුට කතිරේ ගහල මටනේ පාඩුව , අන්න ඇහෙම හිතල පෝලිමේ අන්තිම හරියේදී හිතුව හැමෝටම සාධාරනේ ඉටුකරන්න ඔන්නේනේ කියල .

ඔන්න ඉතින් මගේ ලස්සනට තිබුණු ඇඟිල්ල  වනසල ගන්න දෙයක් නැතුවම අර පැනේ තින්ත ටික ඇතිල්ලුවනේ එතන හිටිය අර ඇන්ටියා.මගේ ඇඟිල්ල දෙන්නෙම නැනේ මෙයා චිත්‍ර පාට කරනවා කියලවත් හිතුවද මන්ද?..මන් පොඩ්ඩක් මුණ දිහා බලාගෙන හිටියම තමා ඔං යන්න්තම් අතෑරියේ.... ගැහුවා ලොකුම ලොකු කතිරයක් චන්ද කොලේ පිරෙන්නම හැමෝටම චන්දෙ දෙන්න ඕනනේ නේද ,,හික් හික් හික් ...
 දැන් ඉතින් දාපල්ලකෝ හොර චන්ද ...  :D
  



සැ.යු .  මෙය කාටවත් මඩ ගැසීමක් නොවන අතර අද පවතී කොළ ,නිල්  හටන  නිසා හිතට ආ අදහසක් පමණි .හිත රිදුනනම් සමාවෙන්න හොඳේ .....

      

Thursday, September 6, 2012

welcome to my world

" ඔබේ ජීවන යාත්‍රාව                                  
සැහැල්ලු කර ගන්න.

අවශ්‍ය දේ පමණක් එහි 
බහාලන්න.
පුංචි නිවසකුත්,
සරල විනොදයකුත් ,
මිතුරන් දෙදෙනෙකුත්, 
ආලය කල හැකි 
දෙදෙනෙකුත් ,
ඔබට පෙම් කරන අයෙකුත් ,
බල්ලෙකුත්,බළලෙකුත් 
වටිනා පොතකුත් ,
උවමනා වන තරමට
කෑමත් , ඇදුනුත්,
බිමට යමකුත් සැහෙනවා....
එතකොට ඔරුව පදින එක 
පහසු වෙනවා. 

පෙරලෙන්නෙත් නැහැ.පෙරලුනත් ගානකුත් නැහැ !! "