Saturday, February 16, 2013

සරසවිය සවිය විය ....


A/L කාලේ හිතාගෙන හිටපු ,අපේ ටියුෂන් ක්ලාස්  වල සර්ලා අපිට කියලදීපු  ,පොඩිකාලේ හිතින් හීන දැකපු විශ්වවිද්‍යාල ජිවිතයමද මේ කියලා මට හිතෙන්න පටන් ගත්තේ මේ සිහිනය හැබෑවක් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා .අපි මවාගෙන හිටපු ලස්සන සුරංගනා ලෝකේ සුරංගනාවියෝ ,සුරංගනාවෝ අපි එනවා දැකල එතනින් පැනල දුවලද කියලත් මට හිතුණා.අපි මවාගෙන හිටපු ඒ ලස්සන ජීවිතේ මේක ඇතුලට අවහමයි තේරුම්ගියේ ලොකුම ලොකු මවාපෑමක් විතරයි කියලා .






කොහොමවුනත් ඒ කටුක ජිවිතේට මුහුණ දෙන්න  අපිව ශක්තිමත් කලේ අපි පොදි බැඳගෙන ඉන්න ලස්සනම ලස්සන සිහින කියලයි මට නම් හිතෙන්නේ .අපිට ආගන්තුක වෙලා තිබුණු ඒ සරසවි යථාර්ථය අපිට නැතුවම බැරි අපේම ජීවිතය වෙලා දැන්නම් .ඒ සරසවියේ අපි මේ ගතකරන හෝරාවක්  හෝරාවක් පාසා අපේ ජිවිතයට මිහිරි අත්දැකීම් ගොන්නකුත් එක්කම පුංචි පුංචි අමිහිරි අත්දැකීම් කිහිපයකුත් එකතුනොවුනාම නොවේ .


මගේ මේ සරසවි මතක පොතට වසරකුත්  සපිරිලා  මාස කීපයක් ගතවෙලා ගියේ හරිම වේගෙන් .මට තවමත් අද වගේ මතකයි සරසවියට පා තබපු ඒ පලවෙනි දවස .කොච්චර බය වෙළද මම හිටියේ .කඳුළු කැට මග බලන් හිටියේ කොයි වෙලේද එලියට පැනගන්නේ කියල වගේ ,ඇත්තමයි ඒ තරම් අසරණකමක්,තනිකමක් ,තැතිගැන්මක් දැනෙන්න නැතුව ඇති මේ අවුරුදු විසි ගාණටම ,
ඒ කාලේදී මම තේරුම් ගත්ත තවත් වැදගත් දෙයක් තමයි කොච්චර කොහොම එකට ,එක බත්පත කාගෙන එක කාමරේ  නිදාගත්තත් සමහරුන්ගේ බොක්ක වෙනස් කියන කතාව,එකත්  හරියට හක්කේ බුදු රැස් ,බොක්කෙ දඩමස් වගේ තමයි .දිවෙන් දිව ගාගෙන හිටියත් ,එළියෙන් කොච්චර බොරු මවාපෑම් පෙන්නන්න උත්සහකරත් එක පුංචිම පුංචි සිදුවීමක් ඇති ඒ සායම් ඔක්කොම දියවෙලා ගිහිල්ලා ඒ මිනිස් හම පොරවන් හිටපු රාක්ෂයා එලියට එන්න ,ගොඩක් අය පාට පාට ලෝකවල ජීවත්වෙන කළුසුදු මිනිස්සු ,මිනිස්සු කියන වචනෙත් මෙතෙන්ට ගැලපෙනවද මන්දා....




කොහොම වුනත් ඒ වගේ දේකින් හිත කොච්චර රිදෙනවද කියල තේරෙන්නේ එහෙම දෙයක් අත්විදපු කෙනෙකුටම තමයි.සමහර වෙලාවට ඒ ගැන කල්පනා කරනකොට හිතෙනවා එකත් අපේම වැරද්දක්ද කියලා .ඕනෑම කෙනෙකුට ඔන්නවට වැඩ උදව් කරන්නවත් ,විශ්වාස කරන්නවත් යන එක නුවනට හුරු නෑ කියල මම එකෙන් තේරුම් ගත්තා .එකත් මේ කෙටි කාලේදී මන් ඉගෙන ගත්ත ගොඩාක් වැදගත් දෙයක් .ගෙදර සමාජයෙන් අත්නොදැකපු මේ වගේ පාඩම් ඉදිරියට මට ගොඩක් වටිනවා නම් හිතන්නේ ...


නවක වදය කියන වචනේටත් අපිට තිබුනේ ලොකු බයක් ,එත් වාසනාවකට වගේ අපිට ලැබුනේ නෑ මුහුණපාන්න ඒ නවක  වදය කියන කටුක අත්දැකීමට .ඒ වෙනුවට අපේ ජේෂ්ඨ සහෝදරත්වය මහා සමාජෙ ඉඳලා ආව අපිව විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හුරුකරන්න අපි වෙනුවෙන් නවක නම්‍යකරන වැඩසටහනක් හදල තිබුනා .ඇත්තටම අපේ ජෙෂ්ඨත්වයට අපි ගරු කරනවා අපිව මේ සමාජේට හුරු කරන්න ගත්ත අපරිමිත උත්සාහයට .අන්තර් පිථ ක්‍රීඩා උත්සවය,ටැලන්ට් show එක වගේ උත්සව වලින් අපි තව තවත් ශක්තිමත් වුණා .ඇයි වෙසක් එකට එකතුවෙලා වෙසක් කුඩු හදපු හැටි,පොසොන් දන්සල මතක් වෙනකොටත් හිතට දැන්නෙන්නේ පුදුම හැඟීමක් .ඒවා තව තවත් අපේ සහෝදරත්වයේ යදම් ශක්තිමත් කරණ බව අපි ඒ දවස් වල තේරුම් අටන් තිබුනේ නැති උනාට ආපහු හැරිලා බලනකොට දැන්නේන්නේ ගොඩාක් ලොකු සතුටක්.




                                                                                 

Sunday, February 3, 2013

1 st batch කැටේ....

කලින් දවසේ සුසරේ බලන්න ගිහින් ඇවිත් නිදාගෙන ඒහැටි වෙලාවක් ගියේ නෑ මගේ හිතේ.එකෙක් කකුලෙන් අදිනවා දැනිල බොහොම අමාරුවෙන් ඇස් 2ක ඇරලා ඇඳේ වාඩි වුණා .වෙලාව උදේ 3.30 යි . දවස 2012/12/15.


හොස්ටල් එකම කලබලෙන්....කට්ටිය එහෙ දුවනවා මෙහෙ දුවනවා......
කොමහරි කස්ටියම  ලෑස්ති වෙලා බස් එක ගාවට ආවේ අපේ පලවෙනි බැච් කැටේ යන්න  .
කට්ටියම ෆැකල්ටියි  T එක ඇඳලා මාරම ලස්සනයි.

නුවර පැත්තට යන්න තිබුණු බස් එකේ කට කපල සෙනඟ .මොනා කරන්නද කලින් අපේ සෙට් එකම හිතාගෙන හිටියේ නුවර පැත්තට යන්නේ.... ඉතින් කට්ටියම නැගගත්තා බස්‌ එකට ,කොහොමින් කොහොමින් හරි ඉස්සරහම සීට් එකේ ඉඩකුත් හම්බුන නිසාම හිතාගෙන හිටියේ ඊයේ නිදාගත්තේ නැති ඒවටත් එක්ක හොඳට නිදාගන්නම් කියලා....

මොන නින්දක්ද ,බස් එකට නැග්ගා විතරයි මෙන්න කැකිරවටම ඇවිල්ලනේ බලනකොට ..මං පොඩ්ඩක් වටපිට බැලුවේ නැගල තිබුනේ ජෙට් එකක්කටවත්ද කියලා හිතිලා...මොනවා වුනත් එතනින් බහින්න හිටපු අපේ සහෝදරියෝදෙන්නක් එකට අකමැති වෙලා නිසා ,ඉස්ස්රහම හිටිය මටයි මගේ යාලුවටයි තමයි එතනින් බහින්න වුනේ ..පළවෙනියටම බහින්න උණු නිසාදෝ මන්ද  බස් එකේ හිටපු ජේෂ්ඨ සහෝදරත්වයේ බොහෝ උපදෙස්,අවවාදත් ගොඩක් එකතු කරන අපි දෙන්නයි තවත් සහෝදරයෝ දෙන්නෙකුයි බස් ඒකෙන බැහැගද්දී වෙලාව හරියටම උදේ 5.30 .

මේ උදේ පාන්දර මොන කැටද??, දැම්ම ගියොත් සල්ලි නෙවෙයි බඩකට පුරෝලා කන්න පුළුවන් කියලා දන්නවනේ ඉතිං, ගියා කැකිරාව බස් නැවතුමට ,ටිකක් එලිය වැටෙනකල් අපිට එදා වාඩිවෙලා ඉන්න තිබුණු හොඳම තැන එතන විතරයි.එතැනින්ම තේරුණා මටනං කට්ටේ තරම... අපරාදේ හොඳට නිදාගන්න තිබිච්ච වෙලාව ,


ටිකක් එලිය වැටෙනකල් ඉඳල උදේට මොනවහරි කලාම වැඩේ පටන් ගන්න හිතපු අපේ කස්ටිය කඩයක් හොයා හොයා ටිකක් ඇවිද්දා ගොඩක් කඩ වහල උදේ වැඩි නිසා,ඔන්න ඔහොම එහාට මෙහාට ඇවිදලා ඇවිදලා යන්තමින් කඩයක් හොයාගෙන කට්ටියම ගිය කන්න,ඉදියප්ප ඕඩර් කල ඔන්න අපිත් ,ගෙනත් තිබ්බ ඉදිඅප්පයි මාලුහොදියි ,පරිප්පුයි .අපේ කට්ටියත් දන්නවනේ ඉතිං අනිත් වැඩ වලට වැඩේම කෑමට බිමටත් දක්ෂයොනේ .. බිල ගේනකොට තමයි කට්ටියටම තරු පෙනුනේ ,,ගැන ප්‍රසිද්දියේ නොකිය හිටියොත් හොඳයි කියලයි මටනං හිතෙන්නේ.කොහොම කොහොමහරි යන්න්තම් බිල ෂේප් කරල කට්ට්ටිය කඩෙන් එලියට බැස්සේ කඩේට ආශීර්වාද වරුසවක්ම දෙනගමන් ,  :D

දැන් නම් ටිකක් විතර උදේ වෙලා ,ඒත් ඉතිං 7,8 කොමද ස්ටිකර් විකුනන්න යන්නේ ,දානවනේ ඉතිං උදේම වැඩට බැස්සොත් මොනවද වෙන්නේ කියලා ,කන් පිරෙන්න අහගන්න තමයි ඉතිං .මොනවා කරන්නද ඕන එකකට අපේ කට්ටියත් ඉතිං රෙඩි වෙලානේ ඉන්නේ .නමෝ විත්තියෙන් දකුණු කකුල් පෙරට තියා සතරදෙනෙක් සෙම්පතියෝ ගියා ටුයුෂන් කඩයක් හොයාගෙන .තවම ළමයි එකා දෙන්නා ක්ලාස් වලට ඇදෙන වෙලාව , හෙමින් සැරේ ටික්කා අයියව ශේප් කරගෙන ක්ලාස් එකක් ඇතුලේ වාඩි උනේ සර් පන්තියට එනකල් .එත් සර් ආවට පස්සේ තමයි අපිට හිතුනේ එතනට අවේ නැත්තම් හොඳයි කියල.....

ආයෙත් සෙම්පතියෝ හතරදෙනාටම උරුම වුනේ මහමග තමයි ඉතින්.අන්තිමට අපිට පිහිට උනේ අර දුප්පත් ,අසරණ නැන්දලා ,මාමලා ,නංගිලා ,මල්ලිලා ,අම්මල .තාත්තල ටිකම තමයි.අතේ තියෙන බෑග් එක පෙරලලා පෙරලලා කොහොමහරි කියක් හරි එකතු කරලා අපේ අතට දීල අපිට අපේ වැඩ සාර්ථක කරගන්න ආශීර්වාද කරපු බොහොමයක් ඇත්තෝ ගොඩක් දුප්පත්,බොහොම අමාරුවෙන් එදා වේල හරිහම්බ කරගෙන ජීවත් වුන අහිංසක මිනිස්සු.ඒ බහුතරය අතරේ අපි කතාකරන එක නෑහුනා වගේ යන ධනවත්තු සුලුතරයකුත් නොහිටියාම නෙවෙයි .අපිට මහා ලොකු දේශනා දීල කන් පිරෙන්න අවවාද ,බැනුම් අහන්නත් සිද්ධ වුනේ මහා සමාජේ ඉන්න විවිධාකාර මත දරන්නන් ගොඩක් ඒ වෙලාවේදී අපිට මුණගැහුණා .එත් ඒ අභීයෝග අපිව තවතවත් ශක්තිමත් කලා කියලයි මට නම් හිතෙන්නේ.මොකද අපේ අරමුණ ගොඩක් හොඳ නිසා.එක එහෙම තමයි තවත්  කෙනෙකුගේ දුක දැනේන්න දුක අත්දැකලා තියෙනනම ඕනනේ .....





ඔන්න ඔහොම අපි බස් ගානේ ,පාරවල් ගානේ ,කඩවල් ගන්නේ ඇවිදලා ඇවිදලා අපේ පලවෙනි batch කැටේට ආධාර එකතුකලා .අපි කැකිරාවෙන් පිටත් වෙද්දී 5.30ත් පහුවෙලා ඇති මගේ මතකය හරිනම් .අවුවෙන් බැට කකා ,වැස්සෙන් බැට කකා කොහොම කොහොම හරි අපේ වැඩේ  සාර්ථක කරගන්න අපිට පුළුවන් වුනේ අපේ සහෝදරත්වගේ ශක්තිය නිසාම වෙන්න ඇති.ඒ මොහොතේ අපිට වචනෙන් පවා උදවු කරපු හැමදෙනාටම අපේ උත්තමාචාරය !!!.. ස්තුති ඔබ සියලුදෙනාටම ,ඒ එක වචනක් ඇති හොඳටම අපේ හිත හැදෙන්න.එක අපිට ලොකු ශක්තියක් .එයාගේ දරුවත් අතේ එල්ලගෙන ,රු.20 ඉස්ටිකර් එක ගන්න බෑග් එක පීරලා පීරලා බොහොම අමාරුවෙන් රු 15 හොයල දීපු ඒ අම්මව නම් මට  කවදාවත්ම අමතක වෙන්නේ නැති වේවි ,මොකද අදත්  මන් ඒ අම්මට ගරු කරනවා හැමදාමත්  .....

මේ විදියට මගේ කැම්පස් ජීවිතේ පලවෙනි කැටේ ගියේ .....  එකනම් මාරම අත්දැකිමක් මං ජීවිතේටම නොලබපු විදියේ ..........