Monday, December 31, 2012

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා !!!!

ලබන්නනාවූ මේ අලුත් අවුරුද්ද ඔයාල හැමෝගෙම පුංචිම පුංචි අහිංසක ,ලස්සන බලාපොරොත්තු , ඒ විදියටම ඉෂ්ටවෙන
කලින් අවුරුද්දේ වැරදුනු තැන් හදාගෙන අනාගතේ සාර්ථක කරගන්න ශක්තිය ලැබෙන ,හොඳම හොඳ යාලුවෝ ගොඩක් ජිවිතේ ට එකතු කරගන්න ලැබෙන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා යාලුවනේ !!!

°*”˜˜”*°•.¸☆ ★ ☆¸.•°*”˜˜”*°•.¸☆
╔╗╔╦══╦═╦═╦╗╔╗ ★ ★ ★
║╚╝║══║═║═║╚╝║ ☆¸.•°*”˜˜”*°•.¸☆
║╔╗║╔╗║╔╣╔╩╗╔╝ NEW YEAR 2013 !!
╚╝╚╩╝╚╩╝╚╝═╚╝ ALL frndzzzzzzzzzzzz

shaki.....♥♥♥
 
 

Saturday, December 22, 2012

2.බුදු දහමට අනුව ලෝක විනාශය


බුදු දහමට අනුව ලෝක විනාශය සිදුවන අයුරු..



ලෝක විෂය අචින්ත්‍යයි.. සත්ව විෂය අචින්ත්‍යයි..
බුද්ධ විෂය අචින්ත්‍යයි.. කර්ම විෂය අචින්ත්‍යයි..

සාරාසංඛ්‍යෙය කල්ප ලක්ෂයක් මුළුල්ලේ උතුම් පාරමී ධර්මයන් සම්පූර්ණ කොට, මෙලොවට පැයූ පූර්ණ චන්ද්‍රායමාණ ව උතුම් සම්මා සම්බෝධිය අවබෝධ කළා වූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතැඹුලක් සේ දත් සියලු ධර්මයන් අතුරෙන් උතුම් නිර්වාණයට හේතු වන්නා වූ නෛර්යාණික ශ්‍රී සද්ධර්මය මෙලොව සත්වයා හට දේශනා කොට වදාළහ.

ඒ උතුම් ධර්මය අතුරින් අචින්ත්‍ය විෂය වශයෙන් ලෝක විෂය, සත්ව විෂය, බුද්ධ විෂය හා කර්ම විෂය පිළිබඳ කරුණු ඉතා අල්ප වශයෙන් දේශනා කොට වදාළේ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට සාමාන්‍ය ජනයාට අපහසු බැවිනි.

මනුෂ්‍යයන්ට දැනෙන බිය කොටස් දෙකකට බෙදා දැක්වීමට පුළුවන. පළමු වැන්න පාරිසරික නීතියයි. දෙවැන්න අනාගත නීතියයි. මනුශ්‍ය භීතිය යන්නෙන් සැකය කුතුහලය යන අදහස් ගෙන දෙයි. නමුත් තිරිසන් සත්වයන්ට බලපාන්නේ පාරිසරික නීතිය පමණි මිනිසුන්ගේ තරම් දියුණු මනසක් තිරිසන් සත්වයන්ට නැති නිසා අනාගත නීතිය කියන දේ ඔවුනට තේරුම් ගත නොහැකිය.


උදාහරණයක් ලෙස 2004 සුනාමි ව්‍යසනයට පෙර තිරිසන් සත්වයන්ගේ විවිධ වෙනස්කම් පෙන්නුම් කළේ පාරිසරික වශයෙන් ඔවුන්ට දැනුණු වෙනස්කම් බලපෑමෙනි.

නමුත් මනුෂ්‍යයන් තුළ හෙට, ලබන සතියේ, ලබන මාසයේ ආදී ලෙස තමාට කුමක් වේවිද ආදී වශයෙන් ක්ලේශ මූලික සිත් ඉපදීමෙන් ඒ පිළිබව අනිසි බියක් ඇති කරගෙන ඊට පිළියම් සෙවීමට පෙළඹිනි.

මේ පිළිබඳ කරුණු දැක්වීමේදී වත්මන් සමාජය තුළ ඇති වී තිබෙන තවත් අනාගත භිතියක් වශයෙන් ඉදිරි ආසන්න දිනයක සිදු වන ලෝක විනාශයක් පිළිබඳ විවිධ මිථ්‍යා මත ඉදිරිපත් වී ඇති බවක් පෙන්නුම් කරයි. ඒ භීතිය තුළ අපහසුතාවට පත්ව පිළියම් සොයන්නෝද දක්නට ලැබේ. ලෝක විනාශය දෙසැම්බර මාසයේ සිදුවෙතියි බොහෝ දෙනා කියති. දුක්වෙති. ආරක්ෂක පියවර ගිනිති. මෙය අස්ථාන බියකි.

මේ පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවට තථාගතයන් වහන්සේ විසින් දේශිත සත්ත සුරියුග්ගමන සූත්‍රය ඇසුරින් කරුණු පහදා දීම මෙම ලිපියේ අරමුණයි.

සූත්‍ර පිටකයේ, අංගුත්තර නිකායේ, සත්තක නිපාතයේ එන මෙම සූත්‍ර ධර්මය තුළින් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ කරුණු සඳහන් කරයි. ලෝක විනාශයට බලපාන හේතූන් කිහිපයකි. එනම් ජලය ගින්න හා සුළඟය. මෙම සූත්‍ර දේශනාවේ ගින්නෙන් සිදුවන ලෝක විනාශය පිළිබඳ බාහිර පරිසරයෙන් උපමා උපමේයන් මනාව යොදා ගනිමින් පැහැදිළි කර තිබේ.

නමුත් අප වටහා ගත යුතු විශේෂ කාරණයක් වශයෙන් සඳහන් කළ හැක්කේ භාග්‍යවතුන් වහන්සේ විසින් ලෝකය විනාශ වන අයුරු දක්වාලමින් මේ සූත්‍රය ඇසුරෙන් ශ්‍රාවකයන්ට වෙසෙසාම අවබෝධ කරලීමට උත්සාර කර ඇත්තේ සංස්කාර ධර්මයන්ගේ ඇති අනිත්‍යතාව, අස්ථිර බව හා අශාස්ව ස්වභාභාවය පිළිබඳවයි.

මෙම සූත්‍ර දේශනාව දේශනා කරන ලද්දේ විශාලා මහනුවර අම්බපාලි වනයෙහි බුදුරජාණන් වහන්සේ වැඩ වසන අවස්ථාවකය. එහිදී භික්ෂු සංඝයා ඇමතූ භාග්‍යවතුන් වහන්සේ මහණෙනි සියලු සංස්කාරක ධර්මයෝ අනිත්‍යය. දිගු කල් නොපවත්නා බැවින් අස්ථිරය, අශාස්වතය. එබැවින් මහණෙනි මේ සියලු සංස්කාරයන්ගේ කළකිරීමට, නො ඇලීමට හා ඉන් මිදීමට සුදුසුය.

මහාමේරු පර්වත රාජයා දිගින් යොදුන් අසූ හාර දහසකි. පළලින්ද එසේමය. මහ සයුරෙන් ඉහළටද, පහළටද යොදුන් හාර දහස බැගින් ය. යම් කලෙක වර්ෂ සිය ගණනක්, වර්ෂ දහස් ගණනක් වර්ෂාව නොමැතිව මහා නියඟයක් ඇති වන්නේය. එවිට බොහෝ ගස් වැල් ආදීහු, ඖෂධ ගස් වැල් ආදීය, තෘණ වර්ග, වනස්පතී නම් වූ විශාල වෘක්ෂයෝ ද සම්පූර්ණයෙන් වියැළී විනාශ වන්නේය.

මෙසේ බොහෝ කාලයක් ගත වීමෙන් දැඩි නියඟය පවතින කල්හී දෙවැන හිරු උදා වන්නේය. එසේ තවත් බොහෝ කාළයක් ගත වූ කල්හී කුඩා නදී, ඇළ දොළ ආදිය වියැළී, මහත්සේ වැයැළී නැවත හට නොගන්නා තත්ත්වයට පත් වේ.



මේ අයුරින් තවත් බොහෝ කාලයක් ගත වූ විට තුන්වැනි සූර්යයාද පහළ වේ. එබඳු වූ තත්ත්වයක් තුළ ගංගා, යමුනා, අචිරවතී, සාරභූ, මහී යන මහා ගංගාවෝද සම්පුර්ණ වශයෙන්ම නැවත හට නොගන්නා ලෙසටම වියැළී යන්නේය.

තවත් වර්ෂ ගණනාවක් ඉක්ම ගිය කළ හතර වන සූරියාද උදා වේ. ඉහතින් සඳහන් කරන ලද මහා ගංගාවන් හටගන්නේ අනවතප්ත, සිංහප්‍රපාත, රථකාර, කර්ණමුණ්ඩ, ඡද්දන්ත, මන්දාකිණි මහා විල් වලිනි. මෙසේ හතරවන හිරුගේ බලපෑමෙන් එම මහා විල් ද නැවත හට නොගන්නා ලෙසට වියැළී විනාශ වේ.

එසේ සිදු වී තවත් බොහෝ කාළයක් ගත වූ විට පස් වැනි වූ සුර්යයාද පහළ වේ. එකළ මහ සයුරේ ජලය යොදුන් සිය ගණනක්, දෙසිය ගණනක් ආදී වශයෙන් පියවරෙන් පියවර යොදුන් හත්සියය දක්වා අඩුවේ. පසුව මධ්‍යම ප්‍රමාණයේ පුරුෂයන් හත් දෙනෙකුගේ ප්‍රමාණයට ජලය ඉතිරිව එයද ක්‍රමයෙන් එක් පුරුෂයකුගේ උස ප්‍රමාණයට අඩුවේ. එම ජලයද පුරුෂයෙකුගේ උස ප්‍රමාණයට ද, දණහිස ප්‍රමාණයට ද, පිට පතුලේ ප්‍රමාණයට ද අඩුවේ.

මෙහිදී උදාහරණයක් දක්වා තිබේ. එනම් සරත් සෘතුවෙහි මහා වැසි වසින කළ ගොනුන්ගේ පියවර තැබූ තැනෙක මහ පොළොවෙහි සටහන් වූ ගොන් කුරක ප්‍රමාණයට බිම ජලය ඉතිරි වේ. ඒ ඉතා අල්ප ප්‍රමාණයකි. මහ සයුරේ ජලය ද අවසන ඉතිරි වන්නේ එබඳු ප්‍රමාණයකි. ඒ ඇඟිලි පුරුකක් තෙමෙන්නටවත් ප්‍රමාණවත් නොවන බව දක්වයි.

මෙසේ තවත් බොහෝ කාලයක් ඉක්ම යාමෙන් පසුව හය වැනි සූර්යයාද උදා වේ. එකල්හි මහ පොළොව, මහාමේරු පර්වතරාජයා දුම් දමන්නට පටන් ගනී. ක්‍රමයෙන් අධික ලෙස දුම් දමයි. එයද බුදුරදුන් උදාහරණයක් වශයෙන් සඳහන් කරන්නේ කුඹල් කරුගේ පෝරණුවෙහි දුම් දමන්නේ යම් සේද ඒ ආකාරයට බවය.

එසේ මහා පොළවද මහාමේරුවද දුම් දමමින් තවත් බොහෝ කාළයක් පවත්නා කල්හි හත්වන සූර්යයාගේ උදා වීම සිදු වේ. එවිට පෙර සිට දුම් දමමින් තිබූ මහ පොළොව හා මහමේරු පර්වතය ගිනි ගෙන ඇවිලෙන්නට පටන් ගිනියි. දිලිසෙමින් අධිකව දැවෙමින් එකම ගිනි ජාලාවක් බවට පත් වේ. 



මේ මහා ගිනි ජාලාව නිවීමට මහ සයුරේවත් ජලය නොමැත. මේ සියලු ලෝ තලය, ශූන්‍ය වූ අභ්‍යව්‍යකාශය දවාලමින් තෘතිය ධ්‍යාන ලාභීන් වසන බ්‍රහ්ම ලෝක දක්වාම ගමන් කරයි. (සුද්ධාවාස බ්‍රහ්ම ලෝක විනාශ නොවේ.)

මෙසේ මේ මහා විශ්වය එකම ගිනි ජාලායක් බවට පත් වූ විට මහා මේරු පර්වතයෙන් යොදුන් සිය ගණන්, දෙසිය ගණන්, පන්සිය ගණන් වශයෙන් විශාල වූ ගල් කුට්ටි පිපිරී විසි වීමට පටන් ගනියි. නමුත් මෙම ගිනි ජාලාවේ අළු හෝ දැලි ඉතිරි නොවන බවද දක්වයි. ගිතෙල් පහනේ අළු හෝ දැලි ඉතිරි නොවන්නා සේය.

ක්‍රමයෙන් බොහෝ කල් ඇවෑමෙන් හත්වැනි හිරු දක්වා හිරු උදාවීමෙන් සිදු වන මේ මහා විනාශයන් පිළිබඳ යමක් අවබෝධ කැර ගැනීමට, පිළි ගැනීමට, තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ සෝවාන් මඟ ඵලවත් ලාභී පුද්ගලයාටම පමණක් බව දේශනා කර තිබේ.

මෙම දේශනාවේ තවත් කරුණු රාශියක් සඳහන් වේ. එනම් පෙර කළෙක සිටි සුනෙත්ත නම් ශාස්තෘවරයෙක් සිය ගණනක් වූ තම ශ්‍රාවකයන්ට බඹලොව ඉපදීමට හේතු වන අයුරින් ධර්ම දේශනා කරයි. එම ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කරගත් අය ධර්මය පිළිපැද බඹලොව උපදී. යම් පමණකට තේරුම් ගෙන පිළි පැදි අය සදිව්‍ය ලෝක වලද, මිනිස් ලොව බ්‍රාහ්මන, ක්ෂත්‍රීය ආදී මහාසාල කුලවල ද උපදී.

ඉන් පසු සුනෙත්ත නම් එම ශාස්තෘට මෙබඳු වූ අදහසක් පහළ විය. මම ද පරලොවදී මාගේ ශ්‍රාවකයන් ඉපැදුණු බඹ ලොවෙහි ඉපදුණහොත් පසමාන බවට පත් වන බැවින් මා ඉන් ඉහළ තත්ත්වයකට පත් වෙමියි සිතා හත් වසරක් සිත පුරුදු කොට එම අනුහසින් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහි ඉපදුනේය. ලෝකය විනාශවන සෑම කළකම මොහු සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයෙහිම වාසය කළේය. මනුෂ්‍ය ලෝකයට නොපැමිණි යේය.

මොහු නම් මහා බ්‍රහ්මයාය. අනෙක් සියලු බ්‍රහ්මයන් මැඩ බවත්වමින් තමාම ප්‍රධානියා ලෙස ජීවත් වියත නැවත ලෝකය සකස්වන කල්හි දෙව් ලොවට පැමිණ 36 වරක් ශක්‍ර පදවියද මිනිස් ලොව සිය ගණනක් සක්විති රාජ්‍යත්වය ද දරමින් සිව් මහා සයුර කෙළවර කොට ඇති මේ මහා පෘථිවි තලයම ධාර්මිකව, දඩුවමින් තොරව පාලනය කළේය. මොහුට සත් රුවන, සතුරන් මැඩලන පුත්‍රයෝද පහළ වූහ.

භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙසේ මෙම සුනෙත්ත ශාස්තෘවරයා දීර්ඝායු ලැබුවත් ඔහු විසින් ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක් දෝම්නස් ආදී වූ ගින්නෙන් නොමිදුනු බවයි. ඒ කවර හේතුවකින් ද යත් මොහු විසින් ආර්ය ශීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව, ආර්ය විමුක්තිය අවබෝධ නොකළ හෙයිනි.


භාග්‍යවතුන් වහන්සේ වනාහී මෙම උතුම් ධර්මයන් මනාව අවබෝධ කොට, භව තෘෂ්ණාව දුරු කරන ලද බැවින් නැවත උපතක් නැත්තේය. ඒකාන්තයෙන් පිරිනිවි සේක්මය.

මෙහි එක් එක් කරුණක් පාසාම පියවරෙන් පියවර සංස්කාරක ධර්මයන්ගේ ඇති අනිත්‍ය, අස්ථිර, අශාස්වත බව සඳහන් කර තිබේ.

මෙහිදී අප වඩාත් විශේෂයෙන් අවබෝධ කරගත යුතු කාරණයක් පවතී. එනම් ගින්නෙන් සිදුවන ලෝක විනාශයක් පිළිබඳ දැක්වෙන මෙම සූත්‍ර දේශනාව තුළින් එක් එක් සූර්යයාගේ පහළ වීම සිදු වූ කාලවලදී සිදුවන සිදුවීම් ද, අවසන මහා පොළොව හා මහාමේරුව ගිනි ගෙන දැවී විනාශ වන ආකාරයද ඉතා පැහැදිලිව දැක්වේ.

මායාවරුන්ගේ දිනදර්ශනය අනුව 2012 දෙසැම්බර් 21 දා ලියා ඇත්තේ 13.0.0.0.0 වශයෙනි. එහි තේරුම එම කැලැන්ඩරය එදිනෙන් අවසන් බව බවයි. බොහෝ දෙනා ඒ අනුව කියනුයේ ඉන් පසු ලෝකයක් නැති බවයි.


මහා සයුරේ ජලය ගොන් කුරක පමණ, ඇඟිලි පුරුකක් තෙමෙන්නට පමණ නොවන මට්ටමකට අඩු වන කාලයක් නම් අද හෙටම මීළඟ සතියේ ඇති වේද? බොහෝ වර්ෂ දස දහස් ගණනක් ඇවෑමෙන් පියවරෙන් පියවර සිදු වන මේ දෙය තව දින කිහිපයකින් සතියකින් සිදු වේ යැයි පැවසීම නම් මහා මිත්‍යාවක්මය. එම මිථ්‍යාවක් පිළිගන්නා උදවිය තථාගත ශ්‍රී සද්ධර්මය පිළිපදින්නෝ, විශ්වාස කරන්නෝ නම් නොවන්නේය.

අනිසි බිය, මිථ්‍යා මත හැරදා අද අදම ආගමානුකූලව සුචරිතකාමී ජීවිත ගත කිරීමට පුරුදු වීම වටී. බාහිර ලෝකය කෙසේ වුවද බොහෝ අය තම තමන්ගේ ලෝකය නම් විනාශ කරගෙන හමාරය. කය, වචනය, හිත නොහික්මුණු අසංවර, දුසිල්වත් බොහෝ දෙනා විවිධ දූෂිත ක්‍රියා කරමින් ආගමට දහමට ගරහාමින් කටයුතු කරති. මෙලොව මෙන්ම පරලෝවද පිරිහුණු එබඳු අය ඒකාන්ත වශයෙන්ම අපාගාමී වෙති.

ආගම දහමට අනුකූලව කය වචනය, හිත සංවරව, හික්මුණු, සිල්වත් ජීවිත ගත කිරීමට පුරුදු වන්න. අනිසි බිය දුරලන්න. මිත්‍යා සංකල්පය නොව සම්මා සංකල්පයට නැඹුරු වන්න. ඔබට යහපත් වූ ජීවිතයෙන් ඒකාන්ත වශයෙන් සැප ඵල විපාක උදා වන්නේය.



(මන්දාරම්නුවර විමලවශ හිමියෝ ඉඹුල්ගොඩ අමුණුගොඩ ශ්‍රී අමර විහාරය හා අහුංගල්ල පුරාණ ක්ෂේත්‍රාරාමය යන උභය විහාරයාධිපති පදවිය ද පරකන්දෙණිය ශ්‍රී වීරසිංහ පිරිවේණේ ආචාර්ය පදවිය ද හොබවති. )

1.ඇත්තටම මොකද්ද මේ වෙන්න යන්නේ ....

අහසින් ජෙලි

17 දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.
ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට අදාල ආයතනවලට දැනුම් දෙන බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර 17 දිනයේ දිවයිනේ ගාල්ල, මාතර, වඳුරඹ, පැල්මඩුල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට රතු වැසි ඇද වැටී ඇති අතර කඹුරුපිටිය, අකුරැස්‌ස ප්‍රදේශයට වර්ෂාව සමඟ මාළුද පතිත වී තිබේ.

 ----------------------------------------------------------------------------------------------------------
රතු වැස්ස,සුදු වැස්ස මදිවට කහ වැස්සකුත්....
---------------------------------------------------------------------------------
පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පසුගිය දින කිහිපය තුළ සුනඛයින් 300 කට අධික සංඛ්‍යාවක් හදිසියේ මියගොස් ඇතැයි දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිරි මහතා ප‍්‍රකාශකළේය.

පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වැඩි වශයෙන් සුනඛයින් මෙලෙස මියගොස් ඇති බවට තමන්ට වාර්තා වී ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා කියා සිටියේය.

පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති දිස්ති‍්‍රක් ආපදා මෙහෙයුම් කමිටු රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇත.

එහිදී පොලොන්නරුව දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර ඇත්තේ, මෙය සුළු සිදුවීමක් බවයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ. ද සිල්වා මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, සුනඛයින්ට වැළඳෙන ඩිස්සෙම්පර් නැමැති වෛරසයක් නිසා මෙම සුනඛයින් මියගොස් ඇති බවයි.
----------------------------------------------------------------------------------------------------
ආලෝකමත් අද්භූත වස්තුවක් අකුරැස්ස නගරය අවට සැරිසරයි - බ‍්‍රහස්පති නොවේ

අකුරැස්ස ප‍්‍රදේශ ආශි‍්‍රතව ද පෙරේදා (11දා) රාති‍්‍රයේ ආලෝකය විහිදුවා ගෙන ගමන් ගත් අද්භූත වස්තුවක් දැක බලා ගැනීමට හැකි වූ බව ප‍්‍රදේශවාසීහු පවසති.

අකුරැස්ස නගරය අවට සැරිසරා ඇති මේ අද්භූත වස්තුව තද තැඹිලි පාටින් යුත් විදුලි බුබුළුවලින් ආලෝකමත් වී තිබූ බව දුටුවන් පැවසීය.

ඒ දෙස බලා සිටීමේදී එම යානය තමන් අසලට පැමිණෙනවා සේ පෙනුණු හෙයින් බියට පත් වූ බවත් ඔවුහු පවසති. අකුරැුස්ස නගරයේ පොලිස් ස්ථානයට ඉහළින් ඉන්ධන පිරවුම්හල අසල අහසේ මඳ වේලාවක් පියාසර කරමින් තිබූ එය මොහොතකින් නොපෙනී ගිය බවද දුටුවන් පෙන්වා දෙයි.

පෙරේදා (11දා) රාතී‍්‍ර 8.30ට මේ අද්භූත වස්තුව දැක ඇති අතර මේ දිනවල අහසේ ආලෝකමත්ව ඇති බ‍්‍රහස්පති ග‍්‍රහයා ද වෙනම ස්ථානයක හොඳින් දිස් වූ බවත් මෙය වෙනත් අද්භූත වස්තුවක් බවට සැක කරන බවත් ඇසින් දුටුවෝ පවසති.

 ------------------------------------------------------------------------------------------------------------

හඳහන්දෙණිය දොළත් රතු පාට වෙයි!



අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින හයක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.

 
මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.

මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි. ගම්වාසින් විසින් මෙම දොළෙහි ආරම්භක දිය බුබුල වෙත ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව වතුර බුබුලෙන්ද වතුර උනනන්නේ මෙම පැහැයෙන් බවට තහවුරු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.

ප‍්‍රදේශවාසීන්ට මෙම දොළෙන් නෑම සහ ජලය පානය නොකරන ලෙස අවවාද කළ බව ද එම නිලධාරියා පැවසුවේය.


ප‍්‍රදේශයේ වැසියකු වන ප‍්‍රසාද් වික‍්‍රමසිංහ අප සමග කියා සිටියේ අවට තේ වතුවල යොදන පොහොර ජලය මිශ‍්‍රවීමෙන් මෙම තත්ත්වය ඇති වේදැයි සැක කරන බවයි.

මෙම දොළ අසල ජීවීන් වන විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනි ස්වර්ණලතා දිසානායක මහත්මිය පැවසුවේ මීට පෙර මෙවැනි සිද්ධියක් නොදුටු බවයි. මෙම ජලය බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වැනි පැහැයක් ගනී. දොළේ මාළු මැරී යාමක් දක්නට නැත.

මෙම සිදුවීම වඩාත් ආන්දෝලනාත්මක වන්නේ ලංකාවට රතු වැසි කිහිපයක්ම ඇද වැටුණු කාල පරිච්චේදයක් තුල මෙවන් සිදුවීමක් සිදුවීම නිසාය.

මෙම දොළ පිඹුර ගඟට එක්වෙයි.




Wednesday, November 14, 2012

බැළලි පැටවූ

මහත්තයා ..... මහත්තයා .....අර..... අර ....පුංචි මහත්තයා ...
පූස් පැටවූ ටික අතට අරන් මිරි....කගෙන ඉන්නවා...


මම වේලාසනින්ම කිවුවනේ මහත්තයෝ ඔයටික වෙයි කියලා ... කෝ ඉතින් සුදු නෝනා කනකට වත් ගත්තේ නැහැ නොවැ ,ඔය දඩාවතේ යන බැල්ලියන්ට කන්න ,බොන්න දෙන්නකොටම මට හිතුන ....
පස් දෙනෙක්ම බැල්ලි පැටව්...  සංසාරේ.... සංසාරේ .....

ගුණදාසලා ගේ කුඩා දරුවා බලා කියා ගැනීමට භාර වූ වයසක ගැහැනියගේ විලාපයෙන් නොසන්සුන් වූ ගුණදාස තාම දරුවා අතේ වූ පූස් පැටවා උදුරාගෙන ගෙයින් එලියට විසි කළේය.




දඩාවතේ යන බැල්ලියක් සිය පිළිකන්නේ ඇති දර මඩුවේ ලගින විට කුසුමා ඌට කන්න දමන ඉඳුල් වල ආදීනව ළඟදීම දවසක අත්විඳින්නට සිදු වේ යයි ගුණදාස පැවසු වාර ගණන ඉහේ කෙස් ගන්නටත් නොඅඩු වුවද කුසුමා  ඒ හැම විටම තම ස්වාමියා දෙස සිනහ පහළකර බැලුවා මිස බැළලියට කන්නට දීමේ කරුණා සිත අත්හළේ නම් නැත.

කෙසේ වුවද අවසානයේ කලගුණ දත් බැලලිය කුසුමාට පැටවුන් පස් දෙනෙක්ම උරුම කර දෙන්නට සමත් වීම නිසා දැන් නම් කුසුමාගේ ඉහමොළ රත්වන්නට පටන්ගෙන තිබුණි .

"මේ ගුණේ...   අනේ මේ බළල් පැටවූ ටික ඇස් ඇරිය ගමන්  අපි කොහෙට හරි ගිහින් දාමු හොඳේ ...... "

"කොහේ ගෙනියන්නද ??? ,මට නම් බෑ ඔය පව්කාර වැඩ වලට සම්මාදම් වෙන්න
කලින්ම කිවුව දේ ඇහුවා නම් ඔය මුකුත් නෑනේ , දැන් ඉතින් ඕන එකක් කරගන්න එකයි ඇත්තේ   "


"එතකොට අපේ දරුවා ,,,
අර .. අර .. දෙයියනේ පූස් පැටවූ  ටික මුණටත් ලං කරගෙන ....
අනේ මන්දා මොන ලෙඩක් හදාගනිද කියලා .... "

කුසුම හිතන තරම් බළල් පැටවුන්ගෙන් ඇයට ගැලවීමක් නොවිය.බැලලිය පැටවුන්ගේ රැකවරණය පතා ආරක්ෂා සහිත තැන් සොයමින් ගේ එහා මෙහා දුවනු දැකීම මේ වනවිට කුසුමාට නම් තදින්ම වදදෙන කාරණයක් විය.

"අනේ දෙයියනේ..... මෙන්න ඒ පාර මුන් ටික ඇද උඩට ගෙනත් දාල"

පොඩි එකාට නම් මේ දර්ශනය අදහන්නටත් බැරි තරම් සතුට දනවන එකක්ම විය,දඩි බිදී ගා ඇඳට නැගුනු දරුවාට නම් රටක ,රාජ්ජයක් ලබුනාක් සේය.හානි හනිකට පූස් පැටවූ ලඟින්ම වැතිරුනු ඔහු උන් සමග සෙල්ලමට සුදානම්ය.




අයියෝ දරුවෝ .....
මොකද ඔය කරන්නේ... නැගිටිනවා ඔතනින්,
කුසුමාගේ මුවින් ගිලිහුණු ඒ  වචන කිහිපයත් සමගින්ම, වැදුණු පහර 2,3 න් වේදනාවටපත් දරුවා හඬමින් ඇදෙන් බැස එලියට දුවන්නට සැරසුනේය.
"අනේ මන්දා මේ මොන කරුමයක්ද " කියමින් ඒ දෙසට පැමිණි වයසක ගැහැණිය දරුවා නලවන්නට උත්සුක වුවාය.
ඇඳ ඇතිරිලි පිටින්ම පූස් පැටවුන් ටික වත්ත පහලට විසිකළ ඇය ,ඒ පසු පස යන්නට තැත් කල පුතු නැවත ගත්තේ දැඩි පරිශ්‍රමයකින් පසුවය.


අන්න කුස්සියේ වලන් පෙරලනවා .....එකත් එකටම මහ බැළලි වෙන්න ඇති,ඌව පන්නගන්න හිතාගෙන දවස් දෙක ,තුනක්ම කන්න දුන්නේ නැහැ නේ ,ඔන්න දැන් ඌ හොරා  කන්නත් පුරුදුවෙලා වගෙයි කියමින් වයසක ගැහැණිය කුස්සියට ගියාය.
ඒ වන විටත් මාලු හට්ටියේ මුහුණ ඔබගෙන මාලු කමින් සිටි පුසිය ,ශබ්දය ඇසි මාළු හට්ටියත් පෙරලගෙන කුස්සියෙන් එල්ලියට පැන්නාය.


මේ ජරමර අතර ගුණදාස රුපවාහිනිය ඉදිරිපස තිබු හනිපුටුවේ ඇලවුනේ රුපවාහිනිය බැලීමේ අදහසින් නොව මේ කන්දොස්කිරියාවෙන්  මදකට හෝ නිදහස් වීමට හිතගෙනය.පොඩි පුතා දුවගෙන විත් ඔහුට තුරුළු උනේ පුරුද්දට මෙනි.ධර්ම දේශනාවක්  ටෙලිවිෂන් තිරය මත දිස්විය.පියා ගත දෙනෙතින් යුතුව ,දෙසවන් අවදි කල ගුණදාස පුතාගේ ඔලුව අතගාමින් ධර්ම දේශනාව ශ්‍රවනය කළේය.


"පින්වත්නි, එක්තර ගෘහපතියෙකුට බලුපතියෙකුගෙන් මහත් කරදර සිද්ද වුනා.බැරිම තැන ඔහු කලේ මොකද්ද,ගැන වතුර ගලන කලෙක බලු පැටියව විසිකළ ගංගාවකට.බලු කරදරේ එතනින් නිම උනා කියමුකෝ ... හැබැයි ඉතින් සිද්ද වුනු අකුසල කර්මය උපනුපන් ජාති දක්වා කරදර කරන්න පටන්ගත්තා .කර්මගෙන් ගැලවීමක් නැහැනේ පින්වතුනි,කමයත් හරියට ගොනා පිටුපස යන කරත්තරෝදයක් වගේ තමයි"..

කුසුමාගේ කටහඬ ඇසී ගුණදාස වටපිට බැලිය.
"ගුණේ ... ඔන්න මං මුන් ටික කාඩ් බෝඩ් පෙට්ටියකට දැම්ම ,තව ඩින්ගකින් එලිය වැටෙනවා ,පන්සලට ගිහින් දාමු,මොනවහරි කාල ඉන්නේ නැතැයි....."


යතුරු පැදිය පිටුපස පෙට්ටිය බැඳගත් ගුණදාස දුටුවකුට ඔහුගේ මුහුණේ උපන් චකිතය තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත නොවනු ඇත.ඔහුගේ විමසුම් දෑස අන්අය තුල සැකයක් මතු කරලන්නට කරුණු කරන ගොනු කරමින් සිටියේය.

ආ... ගුණදාස මහත්තයා....
පාන්දරම හීල් දානේ ගේනවා වෙන්න ඇති නේද??
 ආරියපාල පන්සල් පාර දිගේ එන අතර ගුණදාසට මුණ ගැසුණි .යතුරු පැදිය නතර කළහොත් පූස් පැටවූ කෙඳිරි ගාන සද්දය ආරියපාලට ඇසෙතෙයි ඔහුට සිතුනි.
"මං මේ රත්මල් ටිකක් කඩාගන්න කියලා "
එය අරියපාලව සැහීමකට පත් කල බවත් පෙනුනි.

හෙමින් සීරුවේ දර්ම ශාලාව වෙත ඇදුනු ගුණේ පෙට්ටිය එහි දමා අඩියට දෙකට යතුරු පැදිය වෙත පැමිණියේය.

"චික් ..... පෙට්ටියේ පියන ඇරලා එන්න බැරි උනානේ,පැටවූ ටික හාමතේ මළොත්,ඊටවඩා මුන් ටික ඒක දිගටම කෑ ගහන්න ගත්තොත් හමුදුරුවන්ටත් මහා කරදරයක් වෙයි."
  
ගුණේ නැවතත් දර්ම ශාලාවට ගොස් පියන විවර කල පැමිණියේ හැකි ඉක්මනින් පන්සලෙන් පිටත් වීමේ අදහසිනි.

"ඒත් පොඩි අවුලක්‌ තියෙනවා "  ආරි නිතරම පනසලට යන එකා ,ෂුවර් එකටම හාමුදුරුවෝ කියයි .....ආරියපාල මහත්තයෝ අද උදේ කවුද පන්සලට බළල් පැටවූ ටිකක් ගෙනත්දලානේ කියලා ..
එතකොට මිනිහ මේ පෙට්ටියත් එක්ක මව සැක කරනවා ,පැය 24  ක්  යන්න කලින් මුළු දායක සභාවම දැනගන්යි .අල්ලපු ගෙදර කමල අපේ බළල් පැටවූ ටිකත් අදුනනව , ඒ අතරම උදේ ඇසු බන පදයත් සිහිවූ ගුණේ "එතකොට මට අපරාපරිය වේදනීය කර්මයට ඉස්සෙල්ල දිටට්දම්ම වේදනීයකර්මයට මුණ දෙන්න වෙනවා යී තමාටම කියා ගත්තේය .
 නැතත් පෙට්ටිය රැගෙන ආ ඔහු එය ඉන්දන් ටැංකිය මත තබාගෙන "මුන් ටික ඉස්කෝලේ කැන්ටිම ලඟට ගිහින් දැම්මනම් වැඩේ හරියයි සිතමින් ඉස්කෝල ගේට්ටුව ළඟ නතර විය.

"ගුණේ මහත්තයෝ ,ඇයි මේ නිවාඩු දවසේ ඉස්කෝලේ පැත්තේ එන්න හිතුනේ .... මලහතිලවුවයි. මූ තාම ඔෆ් වෙලා නැද්ද ??
 පාසැල මුරකරුගේ දෑසට ඔහු හසු වෙද්දී ඔහුගේ දෑස නතර වුයේ කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය මතය.

වෙනදට 6 වෙනකොට ඔෆ් වෙනවා නේද??
තාම 6 වුනේ නෑ මහත්තයෝ ,... මොකද මහත්තයා අමුතු කලබලෙකින් වගේ ??නෑ මන් මේ අරලිය මල් ටිකක් කඩන් යන්න ආව පුජාවකට , 

ගුණේ පනගන්වා  තිබු යතුරු පැදිය අරලිය ලන්ද වෙත යොමු කරන අතරම " ඈ මහත්තයෝ බළල් පැටවූ වගයක් කෑගහනවා ඇහෙනවා නේද??,මහත්තයට කියන්න ගිය සතියෙත් පැටවූ 6 දෙනෙක් ඉස්කෝල වත්තේ දළ ගිහින් ,පව්කාරයෝ ......අනිත් ඒක උපන් හැටියේම දරු පැටවූ කුනුගොඩේ දළ යන කාලයක්නෙ මේක ....

ගුණේට වම දැකුම මාරු විය.බළල් පෙට්ටිය තාම උකුල මතට ගේන හැකිතරම් වේගයෙන් ඉදිරියට ඇදුනි.



ජීවිතයේ කවරදාක වත් නොවූ විරු අයුරින් අන්ත අසරණ තත්වයකට ඇදවැටුණු ගුණේ කරකියාගත හැකි දෙයක් නොමැතිව බර කල්පනාවකට වැටුනේ දෙලොවක් අතර අතරමං වෙමිනි. අන්තිමේදී ඔහුට යමක සිහි විය.

"බෝක්කුව යටට වත් විසි කරලා දළ යනවා ... ඒත් වතුර පිරිලානේ ..... හරි එහෙනම් සොහොන් ගෙට දාල  යනවා ... වෙන කරන්න දෙයක් නෑනේ ..... "
 මදෑ කොලා.... අර යකා උදේම මීහරක්‌ ටික දක්කනවනේද සොහොනට ....,මිඉහරක් සෝමේ දැක්කොත් නම් කැලෑපත්තර පරාදයි.

රබර් වත්ත පැත්තට වත් ගොහින් බලන්න ඕන ,කිරි අප්පොච්චියේ ....
කිරි මවුවරු වගයක් නේද එන්නේ අර ඈතින් .....,අනුමානයක් නෑ ඔතම ඇති අර ඇවිදින පත්තරේ පියසීලි ,

මුන් ගෙන් මට කිසිම ගැලවීමක් නැහැ නොවැ
ඉහමොළ රත්වූ ගුණේ යතුරු පැදිය හරවා ගත්තේ ඇද නිවාඩු දවස නිසා සෙනගත් නැතුව ඇති නොවැ ,හන්දියෙන් වත් දාල  යනවා ...
එතකොට ගුණේට සිහිවුයේ පැරණි සිදුවීමකි.

මැගීලින් ආච්චි බළල් පැටවූ ටිකක් මල්ලක දාගෙන ගිහින් උන් ටික එලියට පැනල පාරේ මිනිස්සුන්ට අහුවෙලා ....අන්තිමට ඒ ගෑණි වලපල්ලට ගිහිල්ලත් අවුරුදු ගානක් වෙනවා .... තාමත් මිනිස්සු කියන්නේ ඤාව් මැගිලින් කියලනේ ....
ගුණේට සිදුවුයේ මග නොදැන කතරගම ගොස් අතරමං වීමටය.

කරන්න දෙයක් නෑ දැන් ඉතින් වටේ පාරෙන් ගෙදර යනවා ...පුළුවන් උනොත් වෙල අයිනෙන් තපැටවූ ටික හලලා යනවා .. යයි සිතු ගුණේ පෙට්ටිය බයිසිකලේ මත තබාගෙනම බයිසිකලය තල්ලු කරමින් ඉදිරියට ඇදුනේය.


ආ ..... ඇයි මහත්තයා බයිසිකලේ තල්ලු කරගෙන.....ඔය පෙට්ටිය බයිසිකලේට තියල ගැටගහන්නකෝ.....  කොහෙන් මතුඋනද මන්ද මේ මිනිහත් මේ වෙලාවටම ...අද නම් මාගේ නරක දවසක්ද කොහෙද ,තමන්ටම මුමුනාගත් ගුණේ ...

"ආ කිරි සුමනෙනේ මේ ... මොකෝ අද  පයින්ම ,බයිසිකලේ පෙට්‍රල් ඉවර උන මහත්තයා ,මං මේ කිරි බෝතල් ටික බෙදල එනගමන් ,

සුමනේ එතන පටන් ගුණේ සමග කතාවට වැටුණි.
"අපේ ගෙදර හරියට මීයෝ ,පහල දර මඩුව පුරාම කැරපොත්තෝ විමානේ,මන් ගිය මේ පූස්පැටවූ ටිකක් හොයාගෙන එන්න කියලා, ජාමේ බේරාගන්නට ගුනේගේ නුවණ ඔහුට පිහිට විය ,
මට හිතුන ඤාව් සද්දේ ඇහෙනකොට  .....

ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන සිටි ගුණේ වැට අද්දර බයිසිකලය නතර කර හොර පුසෙක් වගේ ගෙට රිංගුවේ බළල් පෙට්ටිය මඩුවෙන් තියමිනි.

සාලය වෙත ඇදුනු ගුණේ තාම සුපුරුදු හාන්සි පුටුවට බර උනේ සිවිලිම දෙස නෙත් යෝමාගත්වනමය.

"තාත්තේ තාත්තේ ... මන් අද  උදේ මඩුවට ගිහින් බලනකොට ඒක පූත් පැටියෙක් වත් නෑනේ .....අම්ම කූවා ඊයේ සෑ තත්තු කළා කීලා .පවු තාත්තා ........."
 පුතු උකුලට ගත් ගුණේ ඔහුගේ ඔලුව අතගාමින් සනසන්නට විය,සමහර විට පූස් අම්ම පැටවූ ටික කොහෙට හරි අරගෙන යන්න ඇති පුතේ ආරක්ෂාවට .....

අනේ ගුණේ අපේ පුතා කිරි බොනකොට මට අර පැටවූ ටිකත් මතක් උනා ,,,ඔය වුන්ව පන්සලට ගිහින් දැම්මා නේද?කමක් නෑ උන් මොනාහරි කාල ජීවත් වෙයිනේ ....ඔයා බන මඩුවට නේද ගිහින් දැම්මේ,බැළලි කෑගගහ පැටවූ ටික හෙවුවා අනේ ....

අතොරක් නැතිව කියවගෙන කියවගෙන යන කුසුමා අභියස ගුණදාස මුනිවත රැක්කේය.

'කෝ පුතා
දුවන්න ඇති මඩුව පැත්තට 
කෝකටත් ඔය පන්සලට ගිහින් දාපු ඒක හොඳයි,මහ පාරේ නොදා ...
කුසුම සිත හදාගැනීමට නොකියන දෙයක් නැති සේය,හරියට ටිටයුන් නොකළ ගුවන් විදුලි යන්ත්‍රයක් වන්ය.ගුණදාසගේ අදුරු පැහැගත් මුහුණඅතරින් ඔහුගේ නෙතු තවමත් සිවිලිමේ කොනක තිබු මකුළු දලක පැටලී ගැලවෙන්නට වෙර දමමින් සිටි .




නිහැඬියාව බිඳිමින් එකවරම වයසක ගැහැණිය මොර දෙන්නට විය.
ආ ... මෙන්න ...... නෝනා ..... සුදු මහත්තයා පූස් පැටවූ ටික මෙන්න මෙන්න පපුවට ටද කරගෙන ,ඉඹීනවා....මිරිකනවා .....
හපෝ ..මේ... මේ.... කිවුවට අතරින්නෙත් නෑ......


"දෙයි හාමුදුරුවනේ...... , එතකොට ගුණේ ඔය පූස් පැටවූ ටික පන්සලට ගිහින් දැම්මේ නැද්ද??? .... ගුණදාස පුංචි පුතා දෙස බල සිටියා මිස කිසිදු නොරිස්සුම් බවක් පල කරන්නට ගියේ නැත.



                                     නිමි .

Sunday, September 23, 2012

බිඳුණු බඳුන් ඉවතලම්ද මෙලෙසේ .....



  

කඩපිල උතුරලා යනතරම් මහ වැස්ස. උදේ ඉදන්ම වහින්න පටන් ගත්ත වැස්ස තොරතෝංචියක් නැතුවම නොනවත්වාම ඇදහෙලෙන්නට විය. වැහිවලාකුළු වලින් බරවෙලා තුබුන අහස දිහා බලාගෙන ,"අද නම් තව පැයගනකටවත් පායන එකක් නැතිවෙයි වගේ නොවැ" යි පීටර් තමාටම කියාගත්තේය. 
පීටර් කඩපිලට වෙලා හිටියේ ගෙදර යන්න බස් එකක් එනකල්.

                                         පීටර් ගෙදරින් පිටත්වුනෙත් වැස්සෙමයි,පරණ හිතවතෙක්ගේ ගෙදරක අවමංගල උත්සවේකට ,වැස්සේම වුනත් ඔහු ගෙදරින් පිටත්වුනේ සිය බිරියගේ ගෝරනාඩු නිසා...මලගෙදර ගිහින් වෙන්නතියෙන දෙවල්හොයලබලලා හානි හනිකට යන්න පිටත්වුනේ ඉක්මනටම ගෙට ගොඩවෙන්න හිතාගෙන .
          ඒත්බස් කීපයක්ම පීටර් පහුකරගෙන වේගයෙන් ඇදුනේ, පාරට පැනල ,බස් එකට අත දාපු පීටර්ව නොදැක්ක ගානට. අවසන් බස් එකත් තමන් පහුකරන් ඈතට ඇදෙනකොට පිටර්ට දැනුනේ කියගන්නබැරිතරම් අසරණකමක්.දුරට ඇදිල නොපෙනී යන බසෙක දිහා පීටර් බලන් හිටියේ කියාගන්න බැරිතරම් වෙදානවකින්.තමුනුත් ඔයවගේ ගිය නේද කියල පීටර් කල්පනා වුනා .

ඔහුත් බස් රියදුරෙක්.අවුරුදු 30කටත් වඩා කල් වැඩකරපු පීටර් විශ්‍රාම අරන් දැන් අවුරුදූ එකහමාරකට වැඩි නැත.ඒ දවස් වල ඔහුගේ පයින් ගමනක් ආසවකටවත් දකින්නට නම් නොහෙකිය. ඉස්සර පීටර් ගේ ගෙදර කට්ටිය බස් වල ගියත් ඔවුන්ට නම් ටිකට් ලැබෙන්නේ නම් නැත.ඔහු කඩේට ගියෙත් බස් එකෙමය.ඔහුව දැක්ක තැන ඕනම රියදුරෙක් බසය නතර කරන්නේ අහ්හ් පීටර් අයිය ,නගින්න අපි ගිහින් බස්සන්නම් කියාය.ඒත් අද බස්  ගණනක් යනතුරුත් ඔහු පාරේය.ඉන් එක්කක් වත් නිකමටවත් ඔහු අසල නවත්වනවා තබා ඔහු දුටුවේද නැත.වෙනදා අදුරන කවුරුහරි දැක්ක ගමන් ආ ..... ඩ්‍රයිවර් මහත්තයා කියල නොවරදවාම කතාකර ගියත් ,අද මලගෙදරදී දැක්ක උදවිය තමාව තඹයකට මායිම් නොකළ බව ඒ සමගම ඔහුට සිතුණි.


                                    කොහොමින් කොහොමින්හරි ගොම්මන් කරුවල වැටීගෙන එන විට පීටර් ගෙට ගොඩ වුන.ඒ එනකොට පිටර්ගේ හාමිනේ ගෙදර හිටපු පුසිට ගහනවා ඉලපතෙන්ම "හොරා කනවා" කියල.ඒක දැකපු පීටර් "පුසිත් දැන් මන් වගේ" කියල තමන්ටම කියාගත්තා.

               
                ගෙදර හිටපු මී වසංගතේ වඳ කරන්න හිතාගෙන පිටර්ගේ හාමිනේ ඔය පුසීව අරන් ඇවිත් හැදුවේ දරුවෙක් හදනවා වගේ.කිරි පොවලා,නවල ඒ කාලේ ඌව හදපු තාලේ බලන්න ආසයි. ඒත් වයසට ගිහිල්ල ,ඇට පෑදිල ඉන්න ඌට  දැන් කිසිම සැලකිල්ලක් නෑ. ගෙදර තිබුන මී කරදරේ දැන් අඩු උනත් ඉන්න මීයෙක් වත් දැන් ඌට අල්ලගන්නත් බෑ. දැන් ඌ කුස්සියට ගියත් වැරදී.ගෙට ගියත් වැරදී. කෑවත් වැරදී,නොකෑවත් වැරදී.ඔන්න ඔය ටික සිහිපත් වෙලා තමයි  පීටර්ට හිතුනේ "දැන් පුසිත් මන් වගේ......." කියල.
              


                           ඉස්සර වැඩට ගිහින් එනකොට නම් හාමිනෙයි,දරුවොයි පිටර් ට බොහොම අගේට සැලකුව හරියට රජෙක්  ගෙදරට එනවා වගේ.කෑමද ,බිමද ,හැමදේම ළඟටම ගෙනත්දුන්නේ වැඩකාරයෝ වගේ.බුලත්විට පවා අතටම ලැබුණා .ඔහු විශ්‍රාම ගිහින් මේ ගතවුණු අවුරුදු එකහමාර ඉවරවෙද්දී ,ඒ සැලකිලි,ගරුබුහුමනුත් ටිකෙන් ටික අඩුවෙලා ගියේ පීටර් නොදැනුවත්වම. දැන් ඔහු කෑවත් වැරදී,කෙල ගැහුවත් වැරදී.නිදාගත්තත් වැරදී,එලියට ඇවිදින්න ගියත් වැරදී.

එක්කෝ "බුලත් විට කල හැමතැනම කෙල ගහල,ගන්නදෙයක් නෑ ...ඔක්කොම විනාසයි "කියමින් හාමිනේ හෝ දරුවෙක් කියවන්නට ගනී.යේ බුලත් විට නොකා ඉන්නට තරම් ඒ වෙලාවට පිටර්ට සිතෙයි.


පිටර්ගේ හාමිනේ පුසිට ගහල කන් දෙකෙන් උස්සගෙන ගිහින් එලියට විසිකරන හැටි බලවුන් පිටර්ගේ අස් වලින් කදුළු කැට දෙකක් ගලා ගියේ "පුසිට වෙච්චදෙමයි මටත් දවසක වෙන්නේ" කියල හිතල වෙන්න ඇති ....






                                                    "මට  මහලු වයසේ
                                     බැරිය මට වැඩ පෙර සේ
                                සලකන්නට කිසිවෙකුත් නැති සේ
                                     වින්දවමි ජීවිතය රිසි සේ "



Sunday, September 16, 2012

ඔබේ සෙනෙහස මහා මෙරකි මට ......

කුසට දන්කුඩ,
ගතට වැරහැලි ,
නමුත් සතුටින් හිනැහුණේ .....
නුඹේ දුක ළඟ නොවැටී කඳුලක් ,
අපේ දුක ළඟ 
වැගිරුනේ .......






Thursday, September 13, 2012

සරසවියට ගිය ගමනක් .........

"පුතේ නැගිටින්නකෝ යන්න පරක්කුවෙනවනේ " 

ඒ අම්මගේ හඬින් හොඳ හීනයක් බලමින් සිටි මා තිගැස්සී අවදිඋනෙමි.එදා මගේ ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරල්ලන්නට මට අවස්ථාව ලැබුණු  දිනයකි .අදින් මස 2 කට පමණ පෙර එනම් 2012/01/22 මට අද වගේ මතකය. වෙලාව පාන්දර 3 වැදුනා පමණි .අපේ ගෙදර මහා කලබලයකි .මටත් වඩා ඕනෑකමකින් හානි හනිකට ලැස්තිවුනේ අපේ ගෙදර අයයි. එදා මා මුලින්ම විශ්වවිද්‍යාලයට යන දවස .අම්ම ,තාත්තා ,මල්ලි ,නංගි පමණක් නොව මගේ නැන්දාද මා ඇරලවීමට අප සමග එන්නට සුදානම් වී සිටියාය.කෙසේවුවත් වසර ගණනක් මා බැඳී සිටි ඒ පවුලෙන් ගොඩක් දුරකට යන බවක් හිතට නැගුනු නිසාදෝ මගේ නෙත් අගීන් කඳුළුකැට ඇදහලුනේ මා නොදැනුවත්වමය .අපහසුවෙන් වුව නෙතට නැගුනු කඳුළුකැට නෙතු තුලම සඟවාගත් මා සියලුදෙනා සමග කාරයට ගොඩවූයේ කියගතනොහැකි වේදනාවක් හිතේ ගුලිකරගනිමිනි.
   ඉතා දීර්ග ගමනක අවසානය ලංව ඇති බව පෙනී ගියේ  අපි ජය සිරි මහා බෝ සමිඳු අබියසට ලංවීමත් සමගය.මේ වනවිට මගේ දුක ටිකක් පහව ගොස් තිබුනේ ගමන අතරවාරයේ හඬ නංවමින් තිබු රේඩියෝව හා අපේ කතාබහ නිසා වියයුතුය.අපි උදැසන 7 පමණ වනවිට කලින් සැලසුම් කරගත් පරිදිම ජයසිරිමාසමිදු පුදන්නට පැමිණියේ අම්මගේ මෙන්ම තාත්තගේ අදහසකට අනුවය. එතනින් රුවන්වැලිසෑරදුන්ගේ අසිර්වද ලද අපි සෙමින් සෙමින් පුජනිය මිහින්තලය නගරයට සේන්දු උනෙමු.ඒ වනවිට මගේ හදවත ගැහෙන වේගය ගැන මටවත් හිතාගන්නට නොහැකිවිය.



මද දුරක් ඉදිරියට ඇදෙද්දී අප නෙත ගැටුනේ පාර අයිනෙම පිහිටි විශ්වවිද්යලයි.උදැසන අහාර ගැනීම සඳහා අපි නැවත වාහනය හරවාගෙන මිහින්තලය නගරයට ගියේ අම්මගේ අදහසකට අනුවය.මාර්ගය දෙපසම දකින්නට ලැබුනේ මා වැනිම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පැමිණ ඇතැයි අනුමාන කල හැකි සිසු සිසුවියන් පිරිසකි.උදසන් ආහාරය සඳහා එම කුඩා ටවුමේ තිබේ එක් කඩයකට අප සේන්දු වූවෙමු.එහිද මග දෙපස මෙන්ම පිරි ඉතිරි තිබුනේ සිසුන් යයි අනුමාන කල හැකි පිරිසකිනි. කෙසේහෝ ආහාර  ගෙන අවසන් කල අපි නැවත මිහින්තලය නගරය පසුකරමින් විශ්වවිද්‍යාලය දෙසට ගියෙමු .

කාරය ඒ අසලින් නැවතූ අතර මම අම්මාද සමද ගේට්ටුව දෙසට ගියෙමි. ඒ අසලම සිටියේ ජේෂ්ඨ යයි සිතිය හැකි සිසුන් දෙදෙනෙකි.ඔවුන් අමතා  "අයියේ රෙගිස්ටෙර් වෙන්නේ මෙතැනින්ද ?? " ඇසුවේ ද කිසිවක් සිත ගත නොහැකිවය. ඔවුන්ගේ මගපෙන්වීමට අනුව අප මාර්ගය එහා පැත්තේ පිහිටි කුඩා අතුරු පහරක් වෙත යොමු කෙරුණි.එහිදී දක්නට ලැබුනේ බොහෝ දෙන තම මවුපියන් සමග බඩුබහිරත් රැගෙන ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයි .එහිදී ම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ  මගේ මිතුරිය ඒ වනවිට පැමිණ ඇත්දැයි  දැනගැනීමටය .ඒ වන විට ඇය ඇතුළු වී ඇති බව දැනගත් මා අම්මා සමග අතුරුපාර  වෙතගියෙමි.මගේ මල්ලි මා ගෙනවිත් තිබු විශාල බෑගය ගෙන යාමට සහයවෙමින් සිටියේය.   





අපට වැඩිදුරක් යන්නට ලැබුනේ නැත .අප ඉදිරියට සුදු ෂර්ට් එකකින් හා කළු කලිසමකින් සැරසුණු දෙදෙනෙකු පැමිණියේය.එක් අයෙකු සතුව ඉතා ක්‍රේල් කොණ්ඩයක් තිබුණු බව මට මතකය.ජේෂ්ඨ යයි සිතිය  හැකි අයියල දෙන්නා පැමිණ මගේ බෑගය මල්ලිගෙන් ඉල්ලගන්නට උත්සහකරනවගක් පෙනුනි.බියව සිටින මා තව තවත් පුදුමයටත්,තිගස්මටත් පත්ව ගල්ගැසී බලා  සිටියෙමි."කමක් නෑ පුතේ මල්ලි අරන් එයි " ඒ අම්මාය ." නෑ ආන්ටි අපි අරන් යන්නම් " නැවතත්  හඬ අවදි කලේ අර මා කලින් කි කොණ්ඩය ක්‍රේල් අයියමය.අනෙක් අයියා නම් වැඩි කතා බහක් නැත. 

" ආන්ටිලා කොහෙද "
"අපි********* පුතා  .ඒ අම්මාය"
.
.
.
.

අම්මයි අයියයි බර කතාවක්ය .පෙනෙන විදියට නම් මොහු ඒ පැත්ත ටිකක් දන්නවා වගෙයි ,කොහොම උනත් මන් මගේ කටින් නම් එක කෙල බිඳක් වත් හෙල්ලුවේ  නැත .වැඩි සෙනේ දබරෙටලුනේ මන් බයවෙලා හිටියේ බෑග් එකත් ගිහින් දෙන්නේ නම් හොදකට නෙවෙයි කියා සිතමිනි. හෆොයි අයි මන් මෙච්චර ලොකු බෑග් එකක් උස්සන් අවේ යනගමන් මට සිතුනේ එහා මෙහා යන අය මගේ බෑග් එක දෙසට උකුසු ඇස් වලින් බැලුම් හෙලන විටය ."අම්මෝ ඇති යන්තම් ඉවරයි " මට සිතුනේ ගුරු පාර අවසානයේ ළමුන්ගෙන් පිරි තිබු භූමියක් දුටු විගසමය .

ඔන්න අම්මලා,තාත්තලා   එක්ක ළමයි ගොඩක් අර කලින් කිවුව හෝල් එකේ පිරිලා .. අයියල අක්කල එහාට මෙහාට යනවා.ඔන්න අපිව ඒ හෝල් එකෙට දාල කොම හරි රෙජිස්ටර් කරා.ඔන්න දැන් තමි හොස්ටල් රූම් බෙදන්නේ ... ඒ වැඩේ නම් කරන්නේ අක්කලා.අපි හිතුවේ නැති විදියට එයාල අපිව වෙනවෙන රූම් වලට මාරු කරලා බෙදුවා..මන් කලින් හිතන් හිටියත් අර මගේ යාළුවා වැටුනේ වෙනම රූම් එකකට.ඔන්න අක්කාකෙනෙක් අපේ රූම් එකට දාපු ළමයි 10 දෙනා එක්ක  ගියා රූම් එකට කවුරුත් අදුරන්නෙත් නෑ.අපි බෑග් අරන් රූම් වලට එක්කන් ගියෙත් අක්කලා .මගේ බෑග් එක ගොඩක් ලොකුයි නේ .... මට මතකයි
අක්කලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට බෑග් එක අරන් යන්න උදවු කලා.එත් මන් හොදටම බයවෙලා හිටියේ පස්සේ බැනුම්  අහන්න වෙයි කියලා....එත් හිතුව තරම් අවුලක් උනේ නෑ. 

      අක්කලා අපිට තැන පෙන්නලා ගියාට පස්සේ අපිට අපේ අම්මලට සමු දෙන්න වෙලාව ඇවිත් තිබුණා.ගර්ල්ස් හොස්ටල් වලට පිරිමි අයට එන්න බැරි නිසා නංගී,අම්මයි ,නැන්දයි තමයි හොස්ටල් එක ඇතුලට අවේ .අම්මලට සමුදුන්නත් මට ඒ වෙලාවේ නම් ගොඩක් දුක හිතුන.අම්මගේ ඇස් කඳුළු වරින් පිරිලා යන හැටි දැක්කම මට තවත් දරාගෙන ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා අම්මලට යන්න ඉඩ ඇරලා මන් අම්ම ඈතට ඈතට ගිහින් නොපෙනී යනකන්ම බලන් හිටියේ ගොඩක් ලොකු අසරණ කමකින්.ඊටපස්සේ අපි එකතුවෙලා කාමරේ සුද්ද කරන්න පටන් ගත්තා.පුදුම දුවිල්ලක් ,පහසුකන් නම් ගොඩක් අඩුයි කියලා හිතුනත් කරන්න දෙයක් නැනේ ගෙදර වගේ හැමතැනම නැනේ කියලා හිත හදාගත්ත. 
               යාලුවෝ අදුරගෙන ,අස්පස් කරලා බලනකොට සරසවි බිමතුල තනිවූ ඒ පළමු රාත්‍රිය උදාඋනෙ බොහොම ඉක්මනට .පාළුව රජ කල ඒ රාත්‍රිය මට නිදි සුව ලබාදෙන්නට තරම් කාරුණික නම්  උනේ නෑ .