කඩපිල උතුරලා යනතරම් මහ වැස්ස. උදේ ඉදන්ම වහින්න පටන් ගත්ත වැස්ස තොරතෝංචියක් නැතුවම නොනවත්වාම ඇදහෙලෙන්නට විය. වැහිවලාකුළු වලින් බරවෙලා තුබුන අහස දිහා බලාගෙන ,"අද නම් තව පැයගනකටවත් පායන එකක් නැතිවෙයි වගේ නොවැ" යි පීටර් තමාටම කියාගත්තේය.
පීටර් කඩපිලට වෙලා හිටියේ ගෙදර යන්න බස් එකක් එනකල්.
පීටර් ගෙදරින් පිටත්වුනෙත් වැස්සෙමයි,පරණ හිතවතෙක්ගේ ගෙදරක අවමංගල උත්සවේකට ,වැස්සේම වුනත් ඔහු ගෙදරින් පිටත්වුනේ සිය බිරියගේ ගෝරනාඩු නිසා...මලගෙදර ගිහින් වෙන්නතියෙන දෙවල්හොයලබලලා හානි හනිකට යන්න පිටත්වුනේ ඉක්මනටම ගෙට ගොඩවෙන්න හිතාගෙන .
ඒත්බස් කීපයක්ම පීටර් පහුකරගෙන වේගයෙන් ඇදුනේ, පාරට පැනල ,බස් එකට අත දාපු පීටර්ව නොදැක්ක ගානට. අවසන් බස් එකත් තමන් පහුකරන් ඈතට ඇදෙනකොට පිටර්ට දැනුනේ කියගන්නබැරිතරම් අසරණකමක්.දුරට ඇදිල නොපෙනී යන බසෙක දිහා පීටර් බලන් හිටියේ කියාගන්න බැරිතරම් වෙදානවකින්.තමුනුත් ඔයවගේ ගිය නේද කියල පීටර් කල්පනා වුනා .
ඉස්සර වැඩට ගිහින් එනකොට නම් හාමිනෙයි,දරුවොයි පිටර් ට බොහොම අගේට සැලකුව හරියට රජෙක් ගෙදරට එනවා වගේ.කෑමද ,බිමද ,හැමදේම ළඟටම ගෙනත්දුන්නේ වැඩකාරයෝ වගේ.බුලත්විට පවා අතටම ලැබුණා .ඔහු විශ්රාම ගිහින් මේ ගතවුණු අවුරුදු එකහමාර ඉවරවෙද්දී ,ඒ සැලකිලි,ගරුබුහුමනුත් ටිකෙන් ටික අඩුවෙලා ගියේ පීටර් නොදැනුවත්වම. දැන් ඔහු කෑවත් වැරදී,කෙල ගැහුවත් වැරදී.නිදාගත්තත් වැරදී,එලියට ඇවිදින්න ගියත් වැරදී.
"මට මහලු වයසේ

ඔහුත් බස් රියදුරෙක්.අවුරුදු 30කටත් වඩා කල් වැඩකරපු පීටර් විශ්රාම අරන් දැන් අවුරුදූ එකහමාරකට වැඩි නැත.ඒ දවස් වල ඔහුගේ පයින් ගමනක් ආසවකටවත් දකින්නට නම් නොහෙකිය. ඉස්සර පීටර් ගේ ගෙදර කට්ටිය බස් වල ගියත් ඔවුන්ට නම් ටිකට් ලැබෙන්නේ නම් නැත.ඔහු කඩේට ගියෙත් බස් එකෙමය.ඔහුව දැක්ක තැන ඕනම රියදුරෙක් බසය නතර කරන්නේ අහ්හ් පීටර් අයිය ,නගින්න අපි ගිහින් බස්සන්නම් කියාය.ඒත් අද බස් ගණනක් යනතුරුත් ඔහු පාරේය.ඉන් එක්කක් වත් නිකමටවත් ඔහු අසල නවත්වනවා තබා ඔහු දුටුවේද නැත.වෙනදා අදුරන කවුරුහරි දැක්ක ගමන් ආ ..... ඩ්රයිවර් මහත්තයා කියල නොවරදවාම කතාකර ගියත් ,අද මලගෙදරදී දැක්ක උදවිය තමාව තඹයකට මායිම් නොකළ බව ඒ සමගම ඔහුට සිතුණි.
කොහොමින් කොහොමින්හරි ගොම්මන් කරුවල වැටීගෙන එන විට පීටර් ගෙට ගොඩ වුන.ඒ එනකොට පිටර්ගේ හාමිනේ ගෙදර හිටපු පුසිට ගහනවා ඉලපතෙන්ම "හොරා කනවා" කියල.ඒක දැකපු පීටර් "පුසිත් දැන් මන් වගේ" කියල තමන්ටම කියාගත්තා.
කොහොමින් කොහොමින්හරි ගොම්මන් කරුවල වැටීගෙන එන විට පීටර් ගෙට ගොඩ වුන.ඒ එනකොට පිටර්ගේ හාමිනේ ගෙදර හිටපු පුසිට ගහනවා ඉලපතෙන්ම "හොරා කනවා" කියල.ඒක දැකපු පීටර් "පුසිත් දැන් මන් වගේ" කියල තමන්ටම කියාගත්තා.
ගෙදර හිටපු මී වසංගතේ වඳ කරන්න හිතාගෙන පිටර්ගේ හාමිනේ ඔය පුසීව අරන් ඇවිත් හැදුවේ දරුවෙක් හදනවා වගේ.කිරි පොවලා,නවල ඒ කාලේ ඌව හදපු තාලේ බලන්න ආසයි. ඒත් වයසට ගිහිල්ල ,ඇට පෑදිල ඉන්න ඌට දැන් කිසිම සැලකිල්ලක් නෑ. ගෙදර තිබුන මී කරදරේ දැන් අඩු උනත් ඉන්න මීයෙක් වත් දැන් ඌට අල්ලගන්නත් බෑ. දැන් ඌ කුස්සියට ගියත් වැරදී.ගෙට ගියත් වැරදී. කෑවත් වැරදී,නොකෑවත් වැරදී.ඔන්න ඔය ටික සිහිපත් වෙලා තමයි පීටර්ට හිතුනේ "දැන් පුසිත් මන් වගේ......." කියල.
ඉස්සර වැඩට ගිහින් එනකොට නම් හාමිනෙයි,දරුවොයි පිටර් ට බොහොම අගේට සැලකුව හරියට රජෙක් ගෙදරට එනවා වගේ.කෑමද ,බිමද ,හැමදේම ළඟටම ගෙනත්දුන්නේ වැඩකාරයෝ වගේ.බුලත්විට පවා අතටම ලැබුණා .ඔහු විශ්රාම ගිහින් මේ ගතවුණු අවුරුදු එකහමාර ඉවරවෙද්දී ,ඒ සැලකිලි,ගරුබුහුමනුත් ටිකෙන් ටික අඩුවෙලා ගියේ පීටර් නොදැනුවත්වම. දැන් ඔහු කෑවත් වැරදී,කෙල ගැහුවත් වැරදී.නිදාගත්තත් වැරදී,එලියට ඇවිදින්න ගියත් වැරදී.
එක්කෝ "බුලත් විට කල හැමතැනම කෙල ගහල,ගන්නදෙයක් නෑ ...ඔක්කොම විනාසයි "කියමින් හාමිනේ හෝ දරුවෙක් කියවන්නට ගනී.යේ බුලත් විට නොකා ඉන්නට තරම් ඒ වෙලාවට පිටර්ට සිතෙයි.
පිටර්ගේ හාමිනේ පුසිට ගහල කන් දෙකෙන් උස්සගෙන ගිහින් එලියට විසිකරන හැටි බලවුන් පිටර්ගේ අස් වලින් කදුළු කැට දෙකක් ගලා ගියේ "පුසිට වෙච්චදෙමයි මටත් දවසක වෙන්නේ" කියල හිතල වෙන්න ඇති ....
"මට මහලු වයසේ
බැරිය මට වැඩ පෙර සේ
සලකන්නට කිසිවෙකුත් නැති සේ
වින්දවමි ජීවිතය රිසි සේ "