Wednesday, November 14, 2012

බැළලි පැටවූ

මහත්තයා ..... මහත්තයා .....අර..... අර ....පුංචි මහත්තයා ...
පූස් පැටවූ ටික අතට අරන් මිරි....කගෙන ඉන්නවා...


මම වේලාසනින්ම කිවුවනේ මහත්තයෝ ඔයටික වෙයි කියලා ... කෝ ඉතින් සුදු නෝනා කනකට වත් ගත්තේ නැහැ නොවැ ,ඔය දඩාවතේ යන බැල්ලියන්ට කන්න ,බොන්න දෙන්නකොටම මට හිතුන ....
පස් දෙනෙක්ම බැල්ලි පැටව්...  සංසාරේ.... සංසාරේ .....

ගුණදාසලා ගේ කුඩා දරුවා බලා කියා ගැනීමට භාර වූ වයසක ගැහැනියගේ විලාපයෙන් නොසන්සුන් වූ ගුණදාස තාම දරුවා අතේ වූ පූස් පැටවා උදුරාගෙන ගෙයින් එලියට විසි කළේය.




දඩාවතේ යන බැල්ලියක් සිය පිළිකන්නේ ඇති දර මඩුවේ ලගින විට කුසුමා ඌට කන්න දමන ඉඳුල් වල ආදීනව ළඟදීම දවසක අත්විඳින්නට සිදු වේ යයි ගුණදාස පැවසු වාර ගණන ඉහේ කෙස් ගන්නටත් නොඅඩු වුවද කුසුමා  ඒ හැම විටම තම ස්වාමියා දෙස සිනහ පහළකර බැලුවා මිස බැළලියට කන්නට දීමේ කරුණා සිත අත්හළේ නම් නැත.

කෙසේ වුවද අවසානයේ කලගුණ දත් බැලලිය කුසුමාට පැටවුන් පස් දෙනෙක්ම උරුම කර දෙන්නට සමත් වීම නිසා දැන් නම් කුසුමාගේ ඉහමොළ රත්වන්නට පටන්ගෙන තිබුණි .

"මේ ගුණේ...   අනේ මේ බළල් පැටවූ ටික ඇස් ඇරිය ගමන්  අපි කොහෙට හරි ගිහින් දාමු හොඳේ ...... "

"කොහේ ගෙනියන්නද ??? ,මට නම් බෑ ඔය පව්කාර වැඩ වලට සම්මාදම් වෙන්න
කලින්ම කිවුව දේ ඇහුවා නම් ඔය මුකුත් නෑනේ , දැන් ඉතින් ඕන එකක් කරගන්න එකයි ඇත්තේ   "


"එතකොට අපේ දරුවා ,,,
අර .. අර .. දෙයියනේ පූස් පැටවූ  ටික මුණටත් ලං කරගෙන ....
අනේ මන්දා මොන ලෙඩක් හදාගනිද කියලා .... "

කුසුම හිතන තරම් බළල් පැටවුන්ගෙන් ඇයට ගැලවීමක් නොවිය.බැලලිය පැටවුන්ගේ රැකවරණය පතා ආරක්ෂා සහිත තැන් සොයමින් ගේ එහා මෙහා දුවනු දැකීම මේ වනවිට කුසුමාට නම් තදින්ම වදදෙන කාරණයක් විය.

"අනේ දෙයියනේ..... මෙන්න ඒ පාර මුන් ටික ඇද උඩට ගෙනත් දාල"

පොඩි එකාට නම් මේ දර්ශනය අදහන්නටත් බැරි තරම් සතුට දනවන එකක්ම විය,දඩි බිදී ගා ඇඳට නැගුනු දරුවාට නම් රටක ,රාජ්ජයක් ලබුනාක් සේය.හානි හනිකට පූස් පැටවූ ලඟින්ම වැතිරුනු ඔහු උන් සමග සෙල්ලමට සුදානම්ය.




අයියෝ දරුවෝ .....
මොකද ඔය කරන්නේ... නැගිටිනවා ඔතනින්,
කුසුමාගේ මුවින් ගිලිහුණු ඒ  වචන කිහිපයත් සමගින්ම, වැදුණු පහර 2,3 න් වේදනාවටපත් දරුවා හඬමින් ඇදෙන් බැස එලියට දුවන්නට සැරසුනේය.
"අනේ මන්දා මේ මොන කරුමයක්ද " කියමින් ඒ දෙසට පැමිණි වයසක ගැහැණිය දරුවා නලවන්නට උත්සුක වුවාය.
ඇඳ ඇතිරිලි පිටින්ම පූස් පැටවුන් ටික වත්ත පහලට විසිකළ ඇය ,ඒ පසු පස යන්නට තැත් කල පුතු නැවත ගත්තේ දැඩි පරිශ්‍රමයකින් පසුවය.


අන්න කුස්සියේ වලන් පෙරලනවා .....එකත් එකටම මහ බැළලි වෙන්න ඇති,ඌව පන්නගන්න හිතාගෙන දවස් දෙක ,තුනක්ම කන්න දුන්නේ නැහැ නේ ,ඔන්න දැන් ඌ හොරා  කන්නත් පුරුදුවෙලා වගෙයි කියමින් වයසක ගැහැණිය කුස්සියට ගියාය.
ඒ වන විටත් මාලු හට්ටියේ මුහුණ ඔබගෙන මාලු කමින් සිටි පුසිය ,ශබ්දය ඇසි මාළු හට්ටියත් පෙරලගෙන කුස්සියෙන් එල්ලියට පැන්නාය.


මේ ජරමර අතර ගුණදාස රුපවාහිනිය ඉදිරිපස තිබු හනිපුටුවේ ඇලවුනේ රුපවාහිනිය බැලීමේ අදහසින් නොව මේ කන්දොස්කිරියාවෙන්  මදකට හෝ නිදහස් වීමට හිතගෙනය.පොඩි පුතා දුවගෙන විත් ඔහුට තුරුළු උනේ පුරුද්දට මෙනි.ධර්ම දේශනාවක්  ටෙලිවිෂන් තිරය මත දිස්විය.පියා ගත දෙනෙතින් යුතුව ,දෙසවන් අවදි කල ගුණදාස පුතාගේ ඔලුව අතගාමින් ධර්ම දේශනාව ශ්‍රවනය කළේය.


"පින්වත්නි, එක්තර ගෘහපතියෙකුට බලුපතියෙකුගෙන් මහත් කරදර සිද්ද වුනා.බැරිම තැන ඔහු කලේ මොකද්ද,ගැන වතුර ගලන කලෙක බලු පැටියව විසිකළ ගංගාවකට.බලු කරදරේ එතනින් නිම උනා කියමුකෝ ... හැබැයි ඉතින් සිද්ද වුනු අකුසල කර්මය උපනුපන් ජාති දක්වා කරදර කරන්න පටන්ගත්තා .කර්මගෙන් ගැලවීමක් නැහැනේ පින්වතුනි,කමයත් හරියට ගොනා පිටුපස යන කරත්තරෝදයක් වගේ තමයි"..

කුසුමාගේ කටහඬ ඇසී ගුණදාස වටපිට බැලිය.
"ගුණේ ... ඔන්න මං මුන් ටික කාඩ් බෝඩ් පෙට්ටියකට දැම්ම ,තව ඩින්ගකින් එලිය වැටෙනවා ,පන්සලට ගිහින් දාමු,මොනවහරි කාල ඉන්නේ නැතැයි....."


යතුරු පැදිය පිටුපස පෙට්ටිය බැඳගත් ගුණදාස දුටුවකුට ඔහුගේ මුහුණේ උපන් චකිතය තේරුම් ගැනීමට එතරම් කාලයක් ගත නොවනු ඇත.ඔහුගේ විමසුම් දෑස අන්අය තුල සැකයක් මතු කරලන්නට කරුණු කරන ගොනු කරමින් සිටියේය.

ආ... ගුණදාස මහත්තයා....
පාන්දරම හීල් දානේ ගේනවා වෙන්න ඇති නේද??
 ආරියපාල පන්සල් පාර දිගේ එන අතර ගුණදාසට මුණ ගැසුණි .යතුරු පැදිය නතර කළහොත් පූස් පැටවූ කෙඳිරි ගාන සද්දය ආරියපාලට ඇසෙතෙයි ඔහුට සිතුනි.
"මං මේ රත්මල් ටිකක් කඩාගන්න කියලා "
එය අරියපාලව සැහීමකට පත් කල බවත් පෙනුනි.

හෙමින් සීරුවේ දර්ම ශාලාව වෙත ඇදුනු ගුණේ පෙට්ටිය එහි දමා අඩියට දෙකට යතුරු පැදිය වෙත පැමිණියේය.

"චික් ..... පෙට්ටියේ පියන ඇරලා එන්න බැරි උනානේ,පැටවූ ටික හාමතේ මළොත්,ඊටවඩා මුන් ටික ඒක දිගටම කෑ ගහන්න ගත්තොත් හමුදුරුවන්ටත් මහා කරදරයක් වෙයි."
  
ගුණේ නැවතත් දර්ම ශාලාවට ගොස් පියන විවර කල පැමිණියේ හැකි ඉක්මනින් පන්සලෙන් පිටත් වීමේ අදහසිනි.

"ඒත් පොඩි අවුලක්‌ තියෙනවා "  ආරි නිතරම පනසලට යන එකා ,ෂුවර් එකටම හාමුදුරුවෝ කියයි .....ආරියපාල මහත්තයෝ අද උදේ කවුද පන්සලට බළල් පැටවූ ටිකක් ගෙනත්දලානේ කියලා ..
එතකොට මිනිහ මේ පෙට්ටියත් එක්ක මව සැක කරනවා ,පැය 24  ක්  යන්න කලින් මුළු දායක සභාවම දැනගන්යි .අල්ලපු ගෙදර කමල අපේ බළල් පැටවූ ටිකත් අදුනනව , ඒ අතරම උදේ ඇසු බන පදයත් සිහිවූ ගුණේ "එතකොට මට අපරාපරිය වේදනීය කර්මයට ඉස්සෙල්ල දිටට්දම්ම වේදනීයකර්මයට මුණ දෙන්න වෙනවා යී තමාටම කියා ගත්තේය .
 නැතත් පෙට්ටිය රැගෙන ආ ඔහු එය ඉන්දන් ටැංකිය මත තබාගෙන "මුන් ටික ඉස්කෝලේ කැන්ටිම ලඟට ගිහින් දැම්මනම් වැඩේ හරියයි සිතමින් ඉස්කෝල ගේට්ටුව ළඟ නතර විය.

"ගුණේ මහත්තයෝ ,ඇයි මේ නිවාඩු දවසේ ඉස්කෝලේ පැත්තේ එන්න හිතුනේ .... මලහතිලවුවයි. මූ තාම ඔෆ් වෙලා නැද්ද ??
 පාසැල මුරකරුගේ දෑසට ඔහු හසු වෙද්දී ඔහුගේ දෑස නතර වුයේ කාර්ඩ් බෝර්ඩ් පෙට්ටිය මතය.

වෙනදට 6 වෙනකොට ඔෆ් වෙනවා නේද??
තාම 6 වුනේ නෑ මහත්තයෝ ,... මොකද මහත්තයා අමුතු කලබලෙකින් වගේ ??නෑ මන් මේ අරලිය මල් ටිකක් කඩන් යන්න ආව පුජාවකට , 

ගුණේ පනගන්වා  තිබු යතුරු පැදිය අරලිය ලන්ද වෙත යොමු කරන අතරම " ඈ මහත්තයෝ බළල් පැටවූ වගයක් කෑගහනවා ඇහෙනවා නේද??,මහත්තයට කියන්න ගිය සතියෙත් පැටවූ 6 දෙනෙක් ඉස්කෝල වත්තේ දළ ගිහින් ,පව්කාරයෝ ......අනිත් ඒක උපන් හැටියේම දරු පැටවූ කුනුගොඩේ දළ යන කාලයක්නෙ මේක ....

ගුණේට වම දැකුම මාරු විය.බළල් පෙට්ටිය තාම උකුල මතට ගේන හැකිතරම් වේගයෙන් ඉදිරියට ඇදුනි.



ජීවිතයේ කවරදාක වත් නොවූ විරු අයුරින් අන්ත අසරණ තත්වයකට ඇදවැටුණු ගුණේ කරකියාගත හැකි දෙයක් නොමැතිව බර කල්පනාවකට වැටුනේ දෙලොවක් අතර අතරමං වෙමිනි. අන්තිමේදී ඔහුට යමක සිහි විය.

"බෝක්කුව යටට වත් විසි කරලා දළ යනවා ... ඒත් වතුර පිරිලානේ ..... හරි එහෙනම් සොහොන් ගෙට දාල  යනවා ... වෙන කරන්න දෙයක් නෑනේ ..... "
 මදෑ කොලා.... අර යකා උදේම මීහරක්‌ ටික දක්කනවනේද සොහොනට ....,මිඉහරක් සෝමේ දැක්කොත් නම් කැලෑපත්තර පරාදයි.

රබර් වත්ත පැත්තට වත් ගොහින් බලන්න ඕන ,කිරි අප්පොච්චියේ ....
කිරි මවුවරු වගයක් නේද එන්නේ අර ඈතින් .....,අනුමානයක් නෑ ඔතම ඇති අර ඇවිදින පත්තරේ පියසීලි ,

මුන් ගෙන් මට කිසිම ගැලවීමක් නැහැ නොවැ
ඉහමොළ රත්වූ ගුණේ යතුරු පැදිය හරවා ගත්තේ ඇද නිවාඩු දවස නිසා සෙනගත් නැතුව ඇති නොවැ ,හන්දියෙන් වත් දාල  යනවා ...
එතකොට ගුණේට සිහිවුයේ පැරණි සිදුවීමකි.

මැගීලින් ආච්චි බළල් පැටවූ ටිකක් මල්ලක දාගෙන ගිහින් උන් ටික එලියට පැනල පාරේ මිනිස්සුන්ට අහුවෙලා ....අන්තිමට ඒ ගෑණි වලපල්ලට ගිහිල්ලත් අවුරුදු ගානක් වෙනවා .... තාමත් මිනිස්සු කියන්නේ ඤාව් මැගිලින් කියලනේ ....
ගුණේට සිදුවුයේ මග නොදැන කතරගම ගොස් අතරමං වීමටය.

කරන්න දෙයක් නෑ දැන් ඉතින් වටේ පාරෙන් ගෙදර යනවා ...පුළුවන් උනොත් වෙල අයිනෙන් තපැටවූ ටික හලලා යනවා .. යයි සිතු ගුණේ පෙට්ටිය බයිසිකලේ මත තබාගෙනම බයිසිකලය තල්ලු කරමින් ඉදිරියට ඇදුනේය.


ආ ..... ඇයි මහත්තයා බයිසිකලේ තල්ලු කරගෙන.....ඔය පෙට්ටිය බයිසිකලේට තියල ගැටගහන්නකෝ.....  කොහෙන් මතුඋනද මන්ද මේ මිනිහත් මේ වෙලාවටම ...අද නම් මාගේ නරක දවසක්ද කොහෙද ,තමන්ටම මුමුනාගත් ගුණේ ...

"ආ කිරි සුමනෙනේ මේ ... මොකෝ අද  පයින්ම ,බයිසිකලේ පෙට්‍රල් ඉවර උන මහත්තයා ,මං මේ කිරි බෝතල් ටික බෙදල එනගමන් ,

සුමනේ එතන පටන් ගුණේ සමග කතාවට වැටුණි.
"අපේ ගෙදර හරියට මීයෝ ,පහල දර මඩුව පුරාම කැරපොත්තෝ විමානේ,මන් ගිය මේ පූස්පැටවූ ටිකක් හොයාගෙන එන්න කියලා, ජාමේ බේරාගන්නට ගුනේගේ නුවණ ඔහුට පිහිට විය ,
මට හිතුන ඤාව් සද්දේ ඇහෙනකොට  .....

ඉහෙන් කනෙන් දාඩිය පෙරාගෙන සිටි ගුණේ වැට අද්දර බයිසිකලය නතර කර හොර පුසෙක් වගේ ගෙට රිංගුවේ බළල් පෙට්ටිය මඩුවෙන් තියමිනි.

සාලය වෙත ඇදුනු ගුණේ තාම සුපුරුදු හාන්සි පුටුවට බර උනේ සිවිලිම දෙස නෙත් යෝමාගත්වනමය.

"තාත්තේ තාත්තේ ... මන් අද  උදේ මඩුවට ගිහින් බලනකොට ඒක පූත් පැටියෙක් වත් නෑනේ .....අම්ම කූවා ඊයේ සෑ තත්තු කළා කීලා .පවු තාත්තා ........."
 පුතු උකුලට ගත් ගුණේ ඔහුගේ ඔලුව අතගාමින් සනසන්නට විය,සමහර විට පූස් අම්ම පැටවූ ටික කොහෙට හරි අරගෙන යන්න ඇති පුතේ ආරක්ෂාවට .....

අනේ ගුණේ අපේ පුතා කිරි බොනකොට මට අර පැටවූ ටිකත් මතක් උනා ,,,ඔය වුන්ව පන්සලට ගිහින් දැම්මා නේද?කමක් නෑ උන් මොනාහරි කාල ජීවත් වෙයිනේ ....ඔයා බන මඩුවට නේද ගිහින් දැම්මේ,බැළලි කෑගගහ පැටවූ ටික හෙවුවා අනේ ....

අතොරක් නැතිව කියවගෙන කියවගෙන යන කුසුමා අභියස ගුණදාස මුනිවත රැක්කේය.

'කෝ පුතා
දුවන්න ඇති මඩුව පැත්තට 
කෝකටත් ඔය පන්සලට ගිහින් දාපු ඒක හොඳයි,මහ පාරේ නොදා ...
කුසුම සිත හදාගැනීමට නොකියන දෙයක් නැති සේය,හරියට ටිටයුන් නොකළ ගුවන් විදුලි යන්ත්‍රයක් වන්ය.ගුණදාසගේ අදුරු පැහැගත් මුහුණඅතරින් ඔහුගේ නෙතු තවමත් සිවිලිමේ කොනක තිබු මකුළු දලක පැටලී ගැලවෙන්නට වෙර දමමින් සිටි .




නිහැඬියාව බිඳිමින් එකවරම වයසක ගැහැණිය මොර දෙන්නට විය.
ආ ... මෙන්න ...... නෝනා ..... සුදු මහත්තයා පූස් පැටවූ ටික මෙන්න මෙන්න පපුවට ටද කරගෙන ,ඉඹීනවා....මිරිකනවා .....
හපෝ ..මේ... මේ.... කිවුවට අතරින්නෙත් නෑ......


"දෙයි හාමුදුරුවනේ...... , එතකොට ගුණේ ඔය පූස් පැටවූ ටික පන්සලට ගිහින් දැම්මේ නැද්ද??? .... ගුණදාස පුංචි පුතා දෙස බල සිටියා මිස කිසිදු නොරිස්සුම් බවක් පල කරන්නට ගියේ නැත.



                                     නිමි .

12 comments:

  1. Replies
    1. බොහෝම ස්තුතියි ....

      Delete
  2. නියම කතාව:)
    ජය වේවා!!!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. තැන්කූ වේවා රුවා......

      Delete
  3. අනුකම්පාව භූමිකම්පාව වුණාවත්ද

    ReplyDelete
  4. ඒ වගේ දෙයක් තමයි නේද ??
    බොහෝම ස්තුතියි කමෙන්ටුවට ....

    ReplyDelete
  5. අද තමයි මේ පැත්තේ ආවේ.ලස්සනයි කතාව.
    පූසෝ ටික ඉන්නකම් ගෙනිහින් දාන්නලු.නැතිඋනාම පව්ලු.ගෑණු අයගෙ හැටිද :D
    පොඩි යෝජනාවකුත් තියෙනවා.කතා කරන ඒවා කොමා ඇතුලේ දාන්න.මෙහෙම තියෙද්දි ටිකක් පැටලැවෙනවා වගේ.එල එහෙනම්.අපි ගියා

    ReplyDelete
    Replies
    1. අහ මේ නම නම් අහල හුරුයි වගේ(card ekak ne) :D


      බොහෝම ස්තුතී යෝජනාවට නසියර්...,මං ඒක හදාගන්නම්
      ඔයාලගේ මේ අදහස් මට ගොඩක් වටිනවා .තව අඩුපාඩු දැක්කොත් කියන්නෑ හොඳේ ,
      ස්තුතියි....


      Delete
  6. ඔය කල දේම තමයි මමත් කරන්නේ මොකද මටත් ඔය වගේ අලුගුස්තේරු වැඩකට හවුල් වෙන්න කිව්වම හිතට එන්නේ ලොකු බයක්.

    ReplyDelete
    Replies
    1. එකනේන්නම් කෝරලේ මහත්තයෝ....

      Delete
  7. අදමයි මේ ඉසව්වට ආවේ බොහොම ලස්සන හොද ඉසව්වක් දැන් හැමදාම එන්නම්.ජයවේවා.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුති යාලුවා.......
      ආදරෙන් පිලිගන්නවා සිහින මන්දාකිනියට!!!!

      Delete