Saturday, February 16, 2013

සරසවිය සවිය විය ....


A/L කාලේ හිතාගෙන හිටපු ,අපේ ටියුෂන් ක්ලාස්  වල සර්ලා අපිට කියලදීපු  ,පොඩිකාලේ හිතින් හීන දැකපු විශ්වවිද්‍යාල ජිවිතයමද මේ කියලා මට හිතෙන්න පටන් ගත්තේ මේ සිහිනය හැබෑවක් වෙන්න පටන් ගත්ත දවසේ ඉඳලා .අපි මවාගෙන හිටපු ලස්සන සුරංගනා ලෝකේ සුරංගනාවියෝ ,සුරංගනාවෝ අපි එනවා දැකල එතනින් පැනල දුවලද කියලත් මට හිතුණා.අපි මවාගෙන හිටපු ඒ ලස්සන ජීවිතේ මේක ඇතුලට අවහමයි තේරුම්ගියේ ලොකුම ලොකු මවාපෑමක් විතරයි කියලා .






කොහොමවුනත් ඒ කටුක ජිවිතේට මුහුණ දෙන්න  අපිව ශක්තිමත් කලේ අපි පොදි බැඳගෙන ඉන්න ලස්සනම ලස්සන සිහින කියලයි මට නම් හිතෙන්නේ .අපිට ආගන්තුක වෙලා තිබුණු ඒ සරසවි යථාර්ථය අපිට නැතුවම බැරි අපේම ජීවිතය වෙලා දැන්නම් .ඒ සරසවියේ අපි මේ ගතකරන හෝරාවක්  හෝරාවක් පාසා අපේ ජිවිතයට මිහිරි අත්දැකීම් ගොන්නකුත් එක්කම පුංචි පුංචි අමිහිරි අත්දැකීම් කිහිපයකුත් එකතුනොවුනාම නොවේ .


මගේ මේ සරසවි මතක පොතට වසරකුත්  සපිරිලා  මාස කීපයක් ගතවෙලා ගියේ හරිම වේගෙන් .මට තවමත් අද වගේ මතකයි සරසවියට පා තබපු ඒ පලවෙනි දවස .කොච්චර බය වෙළද මම හිටියේ .කඳුළු කැට මග බලන් හිටියේ කොයි වෙලේද එලියට පැනගන්නේ කියල වගේ ,ඇත්තමයි ඒ තරම් අසරණකමක්,තනිකමක් ,තැතිගැන්මක් දැනෙන්න නැතුව ඇති මේ අවුරුදු විසි ගාණටම ,
ඒ කාලේදී මම තේරුම් ගත්ත තවත් වැදගත් දෙයක් තමයි කොච්චර කොහොම එකට ,එක බත්පත කාගෙන එක කාමරේ  නිදාගත්තත් සමහරුන්ගේ බොක්ක වෙනස් කියන කතාව,එකත්  හරියට හක්කේ බුදු රැස් ,බොක්කෙ දඩමස් වගේ තමයි .දිවෙන් දිව ගාගෙන හිටියත් ,එළියෙන් කොච්චර බොරු මවාපෑම් පෙන්නන්න උත්සහකරත් එක පුංචිම පුංචි සිදුවීමක් ඇති ඒ සායම් ඔක්කොම දියවෙලා ගිහිල්ලා ඒ මිනිස් හම පොරවන් හිටපු රාක්ෂයා එලියට එන්න ,ගොඩක් අය පාට පාට ලෝකවල ජීවත්වෙන කළුසුදු මිනිස්සු ,මිනිස්සු කියන වචනෙත් මෙතෙන්ට ගැලපෙනවද මන්දා....




කොහොම වුනත් ඒ වගේ දේකින් හිත කොච්චර රිදෙනවද කියල තේරෙන්නේ එහෙම දෙයක් අත්විදපු කෙනෙකුටම තමයි.සමහර වෙලාවට ඒ ගැන කල්පනා කරනකොට හිතෙනවා එකත් අපේම වැරද්දක්ද කියලා .ඕනෑම කෙනෙකුට ඔන්නවට වැඩ උදව් කරන්නවත් ,විශ්වාස කරන්නවත් යන එක නුවනට හුරු නෑ කියල මම එකෙන් තේරුම් ගත්තා .එකත් මේ කෙටි කාලේදී මන් ඉගෙන ගත්ත ගොඩාක් වැදගත් දෙයක් .ගෙදර සමාජයෙන් අත්නොදැකපු මේ වගේ පාඩම් ඉදිරියට මට ගොඩක් වටිනවා නම් හිතන්නේ ...


නවක වදය කියන වචනේටත් අපිට තිබුනේ ලොකු බයක් ,එත් වාසනාවකට වගේ අපිට ලැබුනේ නෑ මුහුණපාන්න ඒ නවක  වදය කියන කටුක අත්දැකීමට .ඒ වෙනුවට අපේ ජේෂ්ඨ සහෝදරත්වය මහා සමාජෙ ඉඳලා ආව අපිව විශ්වවිද්‍යාල උප සංස්කෘතියට හුරුකරන්න අපි වෙනුවෙන් නවක නම්‍යකරන වැඩසටහනක් හදල තිබුනා .ඇත්තටම අපේ ජෙෂ්ඨත්වයට අපි ගරු කරනවා අපිව මේ සමාජේට හුරු කරන්න ගත්ත අපරිමිත උත්සාහයට .අන්තර් පිථ ක්‍රීඩා උත්සවය,ටැලන්ට් show එක වගේ උත්සව වලින් අපි තව තවත් ශක්තිමත් වුණා .ඇයි වෙසක් එකට එකතුවෙලා වෙසක් කුඩු හදපු හැටි,පොසොන් දන්සල මතක් වෙනකොටත් හිතට දැන්නෙන්නේ පුදුම හැඟීමක් .ඒවා තව තවත් අපේ සහෝදරත්වයේ යදම් ශක්තිමත් කරණ බව අපි ඒ දවස් වල තේරුම් අටන් තිබුනේ නැති උනාට ආපහු හැරිලා බලනකොට දැන්නේන්නේ ගොඩාක් ලොකු සතුටක්.




                                                                                 

10 comments:

  1. ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ...
    යමු ඉදිරියටම

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අදහසට ....

      Delete
  2. අපිටනම් ඔය සමාජෙ නවක වදේ කියලා හදුන්වන දේ තිබුනා.අපිට 1st year 1 දිහා හැරිලා බලද්දි මතක් කරලා හිනාවෙන්න පුලුවන් දේකට තියෙන්නෙ ඒ කාලෙම විතරයි.. එන්න කලින් මාධ්‍ය මවලා තිබුනා තරම් යකෙක් නෙවෙයි කියලා දැන් තේරෙනවා

    ReplyDelete
    Replies
    1. එක නම් ඇත්ත ,අමානුෂික විදියට නවක වදය දීමට නම් මම තදින්ම විරුද්දයි.ඒ වුනත් විශ්වවිද්‍යාල සංස්කෘතියට හුරුකරන්න කරන වැඩසටහන් වල නම් ඇත්තටම කිසිම වරදක් දකින්නේ නැහැ,ඒවා තියෙන තරමට මං කැමතියි.කොහොම වුනත් ඒ කාලේ කියන්නේ ඔයා කිවුවා වගේ නොමියෙන මතක ගොඩක්ම තමයි ..

      Delete
  3. ඇත්තම ඇත්ත නංගි.A/L කාලෙ හැමෝම කිව්වෙ කැම්පස් යනකං තමයි මහන්සි වෙන්න ඕනෙ. හැබැයි කැම්පස් එක ඇතුළට ගියාට පස්සෙ එතනින් එහාට ගමන හරි ලේසියි කියල. ඒක එහෙමම නෙවෙයි කියල දැනගත්තෙ කැම්පස් ගියාට පස්සෙ. එතනත් සෑහෙන තරඟයක් තියෙනව, විවිධ මානසිකත්වයන්ගෙන් යුක්ත මිනිස්සු එක්ක වැඩ කරන්න වෙනව. අර ඔයා කියල තියෙනව වගේ සමහරුන්ගෙ සායම් දියවෙලා ඇත්ත මිනිස්සු එලියට ආවම වෙලාවකට පුදුම විදිහට කළකිරෙනව. හැබැයි මේ හැමදෙයක්ම ජීවිතේට ලොකු පාඩමක් කියල දෙනව නංගි...

    සමස්ථයක් විදිහට ගත්තම පොඩි පොඩි ප්‍රශ්න තිබුනත් සරසවි ජීවිතේ හරි ලස්සනයි. කැම්පස් එකේ ඉන්න කාලෙට වඩා ඒක දැනෙන්නෙ කැම්පස් එකෙන් අයින් උනාමයි. පස්සෙ කාලෙකදි මතක් කරල හිනාවෙන්න තරම් සුන්දර මතක සටහන් ගොඩක් වගේම ජීවිතේට අමතක නොවෙන පාඩම් ගොඩකුත් සරසවිය අපේ ජීවිතේට එකතු කරනව.

    ReplyDelete
    Replies
    1. අදහසට බොහොම අක්කා ......
      සතුටුයි මේ පැත්තට ඇවිත් යන්න ආවට ...

      Delete
  4. ඕවා ඔහොම තමා සහෝදරි ජීවිතයේ රස පැත්තේ වගේම කටුක පැත්තකුත් තියෙනවා!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සහෝ අදහසට ...

      Delete
  5. කොහොම වුණත් කැම්පස් ජීවිතේ තියෙන සුන්දර බව කිසිම තැනකින් ලබාගන්න බෑනේ... මාත් කැම්පස් ගියපු දවසකට ඒ අදහස වෙනස් වෙයිද දන්නෑ.කොහොම වුණත් අක්කියො ජීවිතේ ජීවත් වෙන ටික කාලෙ විදගන්න එපැයි.බාධකවලට මුහුණ දෙන අතරෙම වඩාත් ලස්සනට ජීවිතය දැකගන්න උත්සාහ කළොත් අපිට කළකිරෙන්නෙ නැති ව සරල සුන්දර දිග ගමනක් යන්න පුළුවන්නෙ...)))

    ReplyDelete
    Replies
    1. ඔයා කැම්පස් ගියදවකක ඔයාගේ අදහස වෙනස් වෙන්නේ නැහැ නංගෝ ,එක තවත් තහවුරු වෙයි ,,,, එත් එක තේරුම් යන්න ටිකක් කල් කැම්පස් එකේ ඉදලම බලන්න ඕන නංගියෝ ....
      හොඳයි හොඳයි මන් හදවතින්ම ප්‍රර්ථනා කරනවා ඔයාටත් ඒ හැමදෙයක්ම ආදරෙන් විදින්න ලැබෙන ලස්සන සරසවි ජිවිතයක් ලැබෙන්න කියල ...

      Delete