Thursday, September 13, 2012

සරසවියට ගිය ගමනක් .........

"පුතේ නැගිටින්නකෝ යන්න පරක්කුවෙනවනේ " 

ඒ අම්මගේ හඬින් හොඳ හීනයක් බලමින් සිටි මා තිගැස්සී අවදිඋනෙමි.එදා මගේ ජීවිතයේ අලුත්ම පිටුවක් පෙරල්ලන්නට මට අවස්ථාව ලැබුණු  දිනයකි .අදින් මස 2 කට පමණ පෙර එනම් 2012/01/22 මට අද වගේ මතකය. වෙලාව පාන්දර 3 වැදුනා පමණි .අපේ ගෙදර මහා කලබලයකි .මටත් වඩා ඕනෑකමකින් හානි හනිකට ලැස්තිවුනේ අපේ ගෙදර අයයි. එදා මා මුලින්ම විශ්වවිද්‍යාලයට යන දවස .අම්ම ,තාත්තා ,මල්ලි ,නංගි පමණක් නොව මගේ නැන්දාද මා ඇරලවීමට අප සමග එන්නට සුදානම් වී සිටියාය.කෙසේවුවත් වසර ගණනක් මා බැඳී සිටි ඒ පවුලෙන් ගොඩක් දුරකට යන බවක් හිතට නැගුනු නිසාදෝ මගේ නෙත් අගීන් කඳුළුකැට ඇදහලුනේ මා නොදැනුවත්වමය .අපහසුවෙන් වුව නෙතට නැගුනු කඳුළුකැට නෙතු තුලම සඟවාගත් මා සියලුදෙනා සමග කාරයට ගොඩවූයේ කියගතනොහැකි වේදනාවක් හිතේ ගුලිකරගනිමිනි.
   ඉතා දීර්ග ගමනක අවසානය ලංව ඇති බව පෙනී ගියේ  අපි ජය සිරි මහා බෝ සමිඳු අබියසට ලංවීමත් සමගය.මේ වනවිට මගේ දුක ටිකක් පහව ගොස් තිබුනේ ගමන අතරවාරයේ හඬ නංවමින් තිබු රේඩියෝව හා අපේ කතාබහ නිසා වියයුතුය.අපි උදැසන 7 පමණ වනවිට කලින් සැලසුම් කරගත් පරිදිම ජයසිරිමාසමිදු පුදන්නට පැමිණියේ අම්මගේ මෙන්ම තාත්තගේ අදහසකට අනුවය. එතනින් රුවන්වැලිසෑරදුන්ගේ අසිර්වද ලද අපි සෙමින් සෙමින් පුජනිය මිහින්තලය නගරයට සේන්දු උනෙමු.ඒ වනවිට මගේ හදවත ගැහෙන වේගය ගැන මටවත් හිතාගන්නට නොහැකිවිය.



මද දුරක් ඉදිරියට ඇදෙද්දී අප නෙත ගැටුනේ පාර අයිනෙම පිහිටි විශ්වවිද්යලයි.උදැසන අහාර ගැනීම සඳහා අපි නැවත වාහනය හරවාගෙන මිහින්තලය නගරයට ගියේ අම්මගේ අදහසකට අනුවය.මාර්ගය දෙපසම දකින්නට ලැබුනේ මා වැනිම විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා පැමිණ ඇතැයි අනුමාන කල හැකි සිසු සිසුවියන් පිරිසකි.උදසන් ආහාරය සඳහා එම කුඩා ටවුමේ තිබේ එක් කඩයකට අප සේන්දු වූවෙමු.එහිද මග දෙපස මෙන්ම පිරි ඉතිරි තිබුනේ සිසුන් යයි අනුමාන කල හැකි පිරිසකිනි. කෙසේහෝ ආහාර  ගෙන අවසන් කල අපි නැවත මිහින්තලය නගරය පසුකරමින් විශ්වවිද්‍යාලය දෙසට ගියෙමු .

කාරය ඒ අසලින් නැවතූ අතර මම අම්මාද සමද ගේට්ටුව දෙසට ගියෙමි. ඒ අසලම සිටියේ ජේෂ්ඨ යයි සිතිය හැකි සිසුන් දෙදෙනෙකි.ඔවුන් අමතා  "අයියේ රෙගිස්ටෙර් වෙන්නේ මෙතැනින්ද ?? " ඇසුවේ ද කිසිවක් සිත ගත නොහැකිවය. ඔවුන්ගේ මගපෙන්වීමට අනුව අප මාර්ගය එහා පැත්තේ පිහිටි කුඩා අතුරු පහරක් වෙත යොමු කෙරුණි.එහිදී දක්නට ලැබුනේ බොහෝ දෙන තම මවුපියන් සමග බඩුබහිරත් රැගෙන ඒ මග ඔස්සේ ගමන් කරන ආකාරයි .එහිදී ම දුරකතනයෙන් ඇමතුමක් ගත්තේ  මගේ මිතුරිය ඒ වනවිට පැමිණ ඇත්දැයි  දැනගැනීමටය .ඒ වන විට ඇය ඇතුළු වී ඇති බව දැනගත් මා අම්මා සමග අතුරුපාර  වෙතගියෙමි.මගේ මල්ලි මා ගෙනවිත් තිබු විශාල බෑගය ගෙන යාමට සහයවෙමින් සිටියේය.   





අපට වැඩිදුරක් යන්නට ලැබුනේ නැත .අප ඉදිරියට සුදු ෂර්ට් එකකින් හා කළු කලිසමකින් සැරසුණු දෙදෙනෙකු පැමිණියේය.එක් අයෙකු සතුව ඉතා ක්‍රේල් කොණ්ඩයක් තිබුණු බව මට මතකය.ජේෂ්ඨ යයි සිතිය  හැකි අයියල දෙන්නා පැමිණ මගේ බෑගය මල්ලිගෙන් ඉල්ලගන්නට උත්සහකරනවගක් පෙනුනි.බියව සිටින මා තව තවත් පුදුමයටත්,තිගස්මටත් පත්ව ගල්ගැසී බලා  සිටියෙමි."කමක් නෑ පුතේ මල්ලි අරන් එයි " ඒ අම්මාය ." නෑ ආන්ටි අපි අරන් යන්නම් " නැවතත්  හඬ අවදි කලේ අර මා කලින් කි කොණ්ඩය ක්‍රේල් අයියමය.අනෙක් අයියා නම් වැඩි කතා බහක් නැත. 

" ආන්ටිලා කොහෙද "
"අපි********* පුතා  .ඒ අම්මාය"
.
.
.
.

අම්මයි අයියයි බර කතාවක්ය .පෙනෙන විදියට නම් මොහු ඒ පැත්ත ටිකක් දන්නවා වගෙයි ,කොහොම උනත් මන් මගේ කටින් නම් එක කෙල බිඳක් වත් හෙල්ලුවේ  නැත .වැඩි සෙනේ දබරෙටලුනේ මන් බයවෙලා හිටියේ බෑග් එකත් ගිහින් දෙන්නේ නම් හොදකට නෙවෙයි කියා සිතමිනි. හෆොයි අයි මන් මෙච්චර ලොකු බෑග් එකක් උස්සන් අවේ යනගමන් මට සිතුනේ එහා මෙහා යන අය මගේ බෑග් එක දෙසට උකුසු ඇස් වලින් බැලුම් හෙලන විටය ."අම්මෝ ඇති යන්තම් ඉවරයි " මට සිතුනේ ගුරු පාර අවසානයේ ළමුන්ගෙන් පිරි තිබු භූමියක් දුටු විගසමය .

ඔන්න අම්මලා,තාත්තලා   එක්ක ළමයි ගොඩක් අර කලින් කිවුව හෝල් එකේ පිරිලා .. අයියල අක්කල එහාට මෙහාට යනවා.ඔන්න අපිව ඒ හෝල් එකෙට දාල කොම හරි රෙජිස්ටර් කරා.ඔන්න දැන් තමි හොස්ටල් රූම් බෙදන්නේ ... ඒ වැඩේ නම් කරන්නේ අක්කලා.අපි හිතුවේ නැති විදියට එයාල අපිව වෙනවෙන රූම් වලට මාරු කරලා බෙදුවා..මන් කලින් හිතන් හිටියත් අර මගේ යාළුවා වැටුනේ වෙනම රූම් එකකට.ඔන්න අක්කාකෙනෙක් අපේ රූම් එකට දාපු ළමයි 10 දෙනා එක්ක  ගියා රූම් එකට කවුරුත් අදුරන්නෙත් නෑ.අපි බෑග් අරන් රූම් වලට එක්කන් ගියෙත් අක්කලා .මගේ බෑග් එක ගොඩක් ලොකුයි නේ .... මට මතකයි
අක්කලා දෙන්නෙක් මාරුවෙන් මාරුවට බෑග් එක අරන් යන්න උදවු කලා.එත් මන් හොදටම බයවෙලා හිටියේ පස්සේ බැනුම්  අහන්න වෙයි කියලා....එත් හිතුව තරම් අවුලක් උනේ නෑ. 

      අක්කලා අපිට තැන පෙන්නලා ගියාට පස්සේ අපිට අපේ අම්මලට සමු දෙන්න වෙලාව ඇවිත් තිබුණා.ගර්ල්ස් හොස්ටල් වලට පිරිමි අයට එන්න බැරි නිසා නංගී,අම්මයි ,නැන්දයි තමයි හොස්ටල් එක ඇතුලට අවේ .අම්මලට සමුදුන්නත් මට ඒ වෙලාවේ නම් ගොඩක් දුක හිතුන.අම්මගේ ඇස් කඳුළු වරින් පිරිලා යන හැටි දැක්කම මට තවත් දරාගෙන ඉන්න බැරි වෙයි කියලා හිතුන නිසා අම්මලට යන්න ඉඩ ඇරලා මන් අම්ම ඈතට ඈතට ගිහින් නොපෙනී යනකන්ම බලන් හිටියේ ගොඩක් ලොකු අසරණ කමකින්.ඊටපස්සේ අපි එකතුවෙලා කාමරේ සුද්ද කරන්න පටන් ගත්තා.පුදුම දුවිල්ලක් ,පහසුකන් නම් ගොඩක් අඩුයි කියලා හිතුනත් කරන්න දෙයක් නැනේ ගෙදර වගේ හැමතැනම නැනේ කියලා හිත හදාගත්ත. 
               යාලුවෝ අදුරගෙන ,අස්පස් කරලා බලනකොට සරසවි බිමතුල තනිවූ ඒ පළමු රාත්‍රිය උදාඋනෙ බොහොම ඉක්මනට .පාළුව රජ කල ඒ රාත්‍රිය මට නිදි සුව ලබාදෙන්නට තරම් කාරුණික නම්  උනේ නෑ .




8 comments:

  1. අපිට නම් ගිය ගමන් හොස්ටල් හම්බුනෙ නැහැනෙ. බෝඩිමක තමා මාස 6ක් විතර හිටියෙ.
    ඉතිං ඉතුරු ටික කියන්නෙ නැද්ද? මම හිතන්නෙ රසවත් කතා තියෙන්නෙ ඉස්සරහට :)

    ReplyDelete
    Replies
    1. අපිට නම් ඉතින් අවු . 4ම හොස්ටල් දෙනවනේ ...
      ඔව් එක ඇත්ත තව රසවත් කතා ගොඩක් තියෙනවා කියන්න .
      බොහොම ස්තුති අදහසට .... :)

      Delete
  2. හ්ම්ම්ම් මට නම් ඔවැනි අත්දැකීම් නැහැ. උදේ ගිහන් හවස එන නිසා. දිගටම ලියන්න. බලමු ඉස්සරහට.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ කෝරලේ මහත්තයෝ
      ආයෙත් ඇවිත් යන්න එන්නකෝ මේ පැත්තට ..

      Delete
  3. හොඳම හරිය තව ඉස්සරහටද ?

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත .... සරසවි අත්දැකීම් ලියනවනම් ගොඩක් රසවත් දේවල් ගොඩක්ම ලියන්න තියෙනවා,

      Delete
  4. මේ සටහන කියවද්දි මටත් මතක් උනේ මං කැම්පස් එකට ගිය පළවෙනි දවස. එදා අයියල වගයක් ඔඩිටෝරියම් එක, කැන්ටිම එහෙම තියෙන තැන් අපිට පෙන්නුව. මං හිතුවෙ ඒ ස්ටාෆ් එකේ කට්ටිය කියල..පස්සෙ දවසක තමයි දැන ගත්තෙ ඒ සීනියර්ස්ල කියල.මුල් දවස් ටිකේ නම් සෑහෙන පීඩනයකින් හිටියෙ. ඒත් දැන් ආපහු මතක් කරද්දි ඒ හැම දෙයක්ම සුන්දර මතකයක් විදිහට දැනෙනව :)

    අදයි ඉස්සෙල්ලම මේ බ්ලොග් එකට ආවෙ. දිගටම ලියන්නකො නංගියෝ...සුභ පැතුම් ඔයාට :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අක්කියෝ ....
      සාදරයෙන් පිළිගන්නවා මන්දකිණියට !!!

      Delete