Saturday, December 22, 2012

1.ඇත්තටම මොකද්ද මේ වෙන්න යන්නේ ....

අහසින් ජෙලි

17 දිනය පුරා පැවති මද වැසි තත්වයත් සමඟ මෙම ද්‍රව්‍ය වැටී තිබේ.
ප‍්‍රදේශයේ ස්ථාන තුනකට සුදු පැහැති කැටිති සහිත ද්‍රාවණයක් වැටී ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බුලත්සිංහල පොලීසිය කියයි.
මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කිරීමට අදාල ආයතනවලට දැනුම් දෙන බවද පොලීසිය සඳහන් කරයි.
මේ අතර 17 දිනයේ දිවයිනේ ගාල්ල, මාතර, වඳුරඹ, පැල්මඩුල්ල ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට රතු වැසි ඇද වැටී ඇති අතර කඹුරුපිටිය, අකුරැස්‌ස ප්‍රදේශයට වර්ෂාව සමඟ මාළුද පතිත වී තිබේ.

 ----------------------------------------------------------------------------------------------------------
රතු වැස්ස,සුදු වැස්ස මදිවට කහ වැස්සකුත්....
---------------------------------------------------------------------------------
පොලොන්නරුව දිස්ති‍්‍රක්කයේ පසුගිය දින කිහිපය තුළ සුනඛයින් 300 කට අධික සංඛ්‍යාවක් හදිසියේ මියගොස් ඇතැයි දිස්ති‍්‍රක් ලේකම් නිමල් අබේසිරි මහතා ප‍්‍රකාශකළේය.

පසුගියදා පොළොන්නරුව දිඹුලාගල ප්‍රදේශයට උල්කාශ්මයක් පතිතවීමෙන් අනතුරුව සුනඛයින් මෙලෙස මියගොස් ඇති බව දිස්ත්‍රික් ලේකම් නිමල් අබේසිරි මහතා පවසයි.


දිගාමඩුල්ල ප‍්‍රදේශයේ වැඩි වශයෙන් සුනඛයින් මෙලෙස මියගොස් ඇති බවට තමන්ට වාර්තා වී ඇති බව දිස්ති‍්‍රක් ලේකම්වරයා කියා සිටියේය.

පොලොන්නරුව දිස්ති‍්‍රක් ලේකම් කාර්යාලයේ ඊයේ (18) පැවති දිස්ති‍්‍රක් ආපදා මෙහෙයුම් කමිටු රැස්වීමේදීද මේ සම්බන්ධයෙන් සාකච්ජා වී ඇත.

එහිදී පොලොන්නරුව දිස්ති‍්‍රක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප‍්‍රකාශ කර ඇත්තේ, මෙය සුළු සිදුවීමක් බවයි.

කෙසේ වෙතත්, අප මේ සම්බන්ධයෙන් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.කේ. ද සිල්වා මහතා ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ, සුනඛයින්ට වැළඳෙන ඩිස්සෙම්පර් නැමැති වෛරසයක් නිසා මෙම සුනඛයින් මියගොස් ඇති බවයි.
----------------------------------------------------------------------------------------------------
ආලෝකමත් අද්භූත වස්තුවක් අකුරැස්ස නගරය අවට සැරිසරයි - බ‍්‍රහස්පති නොවේ

අකුරැස්ස ප‍්‍රදේශ ආශි‍්‍රතව ද පෙරේදා (11දා) රාති‍්‍රයේ ආලෝකය විහිදුවා ගෙන ගමන් ගත් අද්භූත වස්තුවක් දැක බලා ගැනීමට හැකි වූ බව ප‍්‍රදේශවාසීහු පවසති.

අකුරැස්ස නගරය අවට සැරිසරා ඇති මේ අද්භූත වස්තුව තද තැඹිලි පාටින් යුත් විදුලි බුබුළුවලින් ආලෝකමත් වී තිබූ බව දුටුවන් පැවසීය.

ඒ දෙස බලා සිටීමේදී එම යානය තමන් අසලට පැමිණෙනවා සේ පෙනුණු හෙයින් බියට පත් වූ බවත් ඔවුහු පවසති. අකුරැුස්ස නගරයේ පොලිස් ස්ථානයට ඉහළින් ඉන්ධන පිරවුම්හල අසල අහසේ මඳ වේලාවක් පියාසර කරමින් තිබූ එය මොහොතකින් නොපෙනී ගිය බවද දුටුවන් පෙන්වා දෙයි.

පෙරේදා (11දා) රාතී‍්‍ර 8.30ට මේ අද්භූත වස්තුව දැක ඇති අතර මේ දිනවල අහසේ ආලෝකමත්ව ඇති බ‍්‍රහස්පති ග‍්‍රහයා ද වෙනම ස්ථානයක හොඳින් දිස් වූ බවත් මෙය වෙනත් අද්භූත වස්තුවක් බවට සැක කරන බවත් ඇසින් දුටුවෝ පවසති.

 ------------------------------------------------------------------------------------------------------------

හඳහන්දෙණිය දොළත් රතු පාට වෙයි!



අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින හයක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.

 
මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.

මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි. ගම්වාසින් විසින් මෙම දොළෙහි ආරම්භක දිය බුබුල වෙත ගොස් පරික්ෂා කිරීමෙන් අනතුරුව වතුර බුබුලෙන්ද වතුර උනනන්නේ මෙම පැහැයෙන් බවට තහවුරු වී ඇති බවටයි වාර්තා වන්නේ.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.

ප‍්‍රදේශවාසීන්ට මෙම දොළෙන් නෑම සහ ජලය පානය නොකරන ලෙස අවවාද කළ බව ද එම නිලධාරියා පැවසුවේය.


ප‍්‍රදේශයේ වැසියකු වන ප‍්‍රසාද් වික‍්‍රමසිංහ අප සමග කියා සිටියේ අවට තේ වතුවල යොදන පොහොර ජලය මිශ‍්‍රවීමෙන් මෙම තත්ත්වය ඇති වේදැයි සැක කරන බවයි.

මෙම දොළ අසල ජීවීන් වන විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනි ස්වර්ණලතා දිසානායක මහත්මිය පැවසුවේ මීට පෙර මෙවැනි සිද්ධියක් නොදුටු බවයි. මෙම ජලය බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වැනි පැහැයක් ගනී. දොළේ මාළු මැරී යාමක් දක්නට නැත.

මෙම සිදුවීම වඩාත් ආන්දෝලනාත්මක වන්නේ ලංකාවට රතු වැසි කිහිපයක්ම ඇද වැටුණු කාල පරිච්චේදයක් තුල මෙවන් සිදුවීමක් සිදුවීම නිසාය.

මෙම දොළ පිඹුර ගඟට එක්වෙයි.




6 comments:

  1. ඔය කියන අමුතු එලි අපේ ගෙවල් පැත්තට ආපු දාට ආයෙ ඕව ආපහු ගිහින් ඉවරයි. බිම දාන එක දානවාමයි!!!

    ReplyDelete
    Replies
    1. අහහ් හා ඔන්න එහෙනම් පාට පාට එළි වලටත් උමයංගගෙන් රතු එළියක්‌ :D

      Delete
  2. අනේ මන්දා කවදාවත් අහන්න ලැබුණු නැති දේවල් එක පිට එක සිද්ද වෙනවා.මේ වගේ මොකක් හරි සිදුවීමක් නිසා ජන ජීවිතයටත් ඉදිරියේදී බලපාන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මටත් ඒක නම් හිතුන නිශාන්...

      Delete
  3. කොහොම වුනත් අනාගතේ වෙන්න පුලුවන් විපර්‍යාසයක් ලකුණු වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව එහෙම වෙන්න පුළුවන්...
      කතාවක් තියෙනේඅවනේ ලෝක විනාසෙට කලින් කහ වැසි ,ආයුද වැසි පෙරමන් කියනවා කියලත්

      Delete