Saturday, September 8, 2012

ආශ්චර්ය සිහිනයක්ම වේද ???

ඔන්න අනේ මන් ඉයේ සෑ ඉදන්ම ජන්ද පෝලිමේ ඉදල අද උදේම මගේ වටින චන්දෙ දිලා අවේ ඔං  ,,
මේක නම් ආශ්චර්යක් !!!!!! 
කොච්චර ෂෝක්ද දැන් අපේ රට ආසියාවේ ආශ්චර්යය නොවැ.... :ඩ්
                  අද අපේ රටේ උසස් අධ්‍යාපනයට පින්  සිද්ධ වෙන්න අද අපි අපේ දෙමුපියන්ගේ වියදමෙන් ගෙවල්වලට වෙලා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන ඇති තරම් කාල,බීලා බන්ඩි පුරෝගෙන නැතිවෙන්න දොයි ... ඔන්න බලංනකූ ඉතින් අපිට මේ ආණ්ඩුව කොච්චර අදලෙයිද කියල නේද ???  ඒ ගැනනම් කියල වැඩක් නෑ එකනේ අද අපි පාරේ යනකොට මේ නැන්දලා, මාමල අමුතු හිනාවක් දාල අහන්නේ දැන් මොකෝ කොරන්නේ කීල... මොන කරන්නද දෙයියනේ කටක් ඇරලා කොම කියන්නද අප්පා තාම ස්ට්‍රයික් කියල ඉතින් ඔං මාත් පොඩ්ඩක් පනාව දාල කියනවා ගෙදරට වෙලා ඉන්නවා නැන්දේ කියලා .... අම්මෝ ඒ වෙලාවට නම් මට අපේ මහින්ද මාමව ,සුදු බණ්ඩා මාමව ඇහෙම මතක්  වෙන්නේ කියාගන්න බැරි සතුටකුත් එක්ක.....  :ඩ්   
අනේ ඉතින් අපිත් එක්ක එකට ඉක්කොලේ ගොහින් මේ සරසවි තොප්පිය වැටුනේ නැති ඈයෝ හොදට ජොබ් කරලා හොද ගානක් හම්බ කරලත් එක්ක මේ වෙනකොට .... දැන් ඉතින් අල්ල්ලපු අත්තත් නෑ පයගපු අත්තත් නෑ ඔං.මට නම් කමක් නෑ එත් අපේ අහිංසක අම්මටයි, තාත්තටයි මොනවා හිතෙනවා ඇත්ද ??
එක පැත්තකින් තියමුකෝ ... අර අසරණ පොඩි එඋන්ට  මොනා වෙයිද ? හදන හදන පුරශ්ණ පත්තරේ හරියටම හරිනේ නේද ඒ මදිවට දැන් උසස් පෙළ උත්තර පත්තර බලන්නේ හමුදාවෙන් දාලද මට නම් තේරෙන්නේ නැහැ .එතකොට අර 4 වෙනි පාරට විභාගේ කරපු නංගිලා,මල්ලිලට මොනවා හිතෙනවා ඇත්තද ??

                අපි පොඩ්ඩක් අපේ ගෙදරින්ම බැලුවම පේනවනේ ...අපිට කිසිම අඩුවක් නෑ හොදට කාල බීලා ඉන්නේ කියල .ඒ තරමට මිනිස්සු අතේ සල්ලි .මොනා කනවද බොනවද කියල තෝරාගන්න බැරි තරමට මිනිස්සු අසරණයි..විහිළු නේවෙයි කහට එකක් බීල වෙලා පිරිමහගන්න අය කොච්චර නම් ඉන්නවද  නේද ?? ඉතින් කියනවා ලංකාව ආසියාවේ මොක්කද්ද එකක් කොරනාවය කොරනාවය කියල මේ සමහට විට අපිට නොතේරුනාට එකේ මුලික අධියර වෙන්න ඇති නොවැ
මිනිස්සුන්ට කදුලක් කියල දෙයක් දකින්නන නෑ ,ඒ තරම් සතුටින් අද කට්ටිය ජීවත් වෙන්නේ  .ජීවන වියදම එන්න එන්නම අඩු වෙනවා නොවැ 

මෙහෙම බලනකොට රටේ ප්‍රධානම ක්ෂේත්‍ර කියල ඔය කියන අධ්‍යාපනය ,මිනිස්සුන්ගේ ජීවන රටාව කොච්චර ඉහලද කියල කියනවනම් එක දිවියලෝකෙත් පාස් කොරල වගෙයි පෙන්නේ .ඔන්න ඔහොම කලෙකනේ දැන් කට්ටිය රතු ,කොළ ,නිල් සටනක් තියන්න හදන්නේ ..  
ඔං මන් නම් උදේම චන්දෙ ප්‍රකාශ කොරලයි ආවේ පවුල් පිටින්ම ගිහින් තාත්තගේ වාහනේ පෙට්ට්‍රල් ටිකත් පුච්චගෙන ,අයියෝ සල්ලි !!! එත් එතනට ගියාම මට හිතාගන්න බැරි උනනොව කාට මගේ මනාපේ දෙන්නද කියල  ඇත්තටම මේ චන්ද දායකයෝ රටට කරලා තියෙන සේවය සුළුපටු එකක් නෙවෙයි නේ  කියල මට හිතුනේ පෝලිමේ ඉන්නකොට ..මම එක්කෙනෙකුට දෙනවා කියන්නේ එක මන් කරන අසාධාරනයනේද කියල මම හිතුව මාත් එක්ක අනිත් අය තරහ උනොත් එක්කෙනෙකුට කතිරේ ගහල මටනේ පාඩුව , අන්න ඇහෙම හිතල පෝලිමේ අන්තිම හරියේදී හිතුව හැමෝටම සාධාරනේ ඉටුකරන්න ඔන්නේනේ කියල .

ඔන්න ඉතින් මගේ ලස්සනට තිබුණු ඇඟිල්ල  වනසල ගන්න දෙයක් නැතුවම අර පැනේ තින්ත ටික ඇතිල්ලුවනේ එතන හිටිය අර ඇන්ටියා.මගේ ඇඟිල්ල දෙන්නෙම නැනේ මෙයා චිත්‍ර පාට කරනවා කියලවත් හිතුවද මන්ද?..මන් පොඩ්ඩක් මුණ දිහා බලාගෙන හිටියම තමා ඔං යන්න්තම් අතෑරියේ.... ගැහුවා ලොකුම ලොකු කතිරයක් චන්ද කොලේ පිරෙන්නම හැමෝටම චන්දෙ දෙන්න ඕනනේ නේද ,,හික් හික් හික් ...
 දැන් ඉතින් දාපල්ලකෝ හොර චන්ද ...  :D
  



සැ.යු .  මෙය කාටවත් මඩ ගැසීමක් නොවන අතර අද පවතී කොළ ,නිල්  හටන  නිසා හිතට ආ අදහසක් පමණි .හිත රිදුනනම් සමාවෙන්න හොඳේ .....

      

12 comments:

  1. මේවා ඉතිං වගකිවයුත්තන්ට දැනෙනවානම් හොඳයි.
    මොනව උනත් ඇත්ත කියල තියනවා.

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තූති යාළුවා ...
      මන් මේ වැඩේට ටිකක් අලුත් , වැරදි තිබුනොත් සමාවෙන්න !!!

      Delete
  2. අපි කැම්පස් යන අයද ???
    එව්වට යන්න උසස් පෙළ පාස් උන එකයි අපේ මෝඩ කම ....
    චන්දෙ ඉතින් අපි දැම්මත් නොදැම්මත් දිනන්නෝ හැමදාමත් දිනනවනේ...
    අපේ ජිවිත ගැන හිතන්න අන්තිමේට ඉන්නේ අපි ළඟ හැමදාමත් ඉන්න අසරණ දෙමව්පියෝ විතරයි...
    කැම්පස් යන එක හීනයක් උන අය අද ගොඩක් හොදට ඉන්නකොට අපිට අපේ අනාගතේ හීනයක් වෙලා...
    තේරුමක් නෑ මොන දේකින් ආශ්චර්ය මැව්වත් අධ්‍යාපනයෙන් නැතුව...
    අනාගතයක් නෑ රටකට අනාගතය බුද්ධිමත් උනේ නැත්තම්...
    මෙහෙම ගියොත්....බුද්ධිගලනය වෙන එකට ඒ උගතුන්ට දොස් කියන එකේ කිසිම සාධාරණත්වයක් නෑ...
    අපෙත් බහුතරය ඩිග්‍රිය ගන්නත් කලින් රට පනින්න හිතල ඉවරයි...
    එහෙම වෙනකොට...කෝ මේ රටට සේවය කරන්න...ඉන්න බුද්ධිමතුන්?????
    අහෝ.....ආශ්චර්යකි...
    පාරේ බැහැල යන්නත් නැතුව රටේ ලෝකේ මිනිස්සු අපි දිහා බලලා කින්ඩියට වගේ හිනා වෙද්දී හිතේ දුකට හූල්ලනවා ඇරෙන්න කැම්පස් ගියපු අපි වෙන මොනවා කියල කරන්නද?????

    ReplyDelete
    Replies
    1. ඒක සහතික ඇත්ත යාළුවා ....
      මොනවා කරන්නද එහෙම බලනකොට කැම්පස් නොගිය අයට වඩා අපි තමා අසරණ වෙලා තියෙන්නේ .ඇත්තටම කිවුවොත් කැම්පස් එකට ගිහින් "අ" කියන්නත් කලින්ම එක වහල දාල......

      මටත් හිතාගන්න බැහැමෙහෙමගියොත් මේ රටට යන කලදසාව ගැන නම් ???

      බොහොම ස්තූති අදහසට,,
      එන්න ආයෙත් ඇවිත් යන්න තවත් දවසක !!!

      Delete
  3. ඒක තමයි මම තීරණය කළේ කැම්පස් නොයා ඉන්න!!!
    මට නම් මේ සීමා මායිම් මොකුත් නැති IT ෆීල්ඩ් එක හොදයි.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඒක බොහොම හොඳ අදහසක් !!!!!

      Delete
  4. මට නම් වර්ථමාන ශ්‍රී ලාංකීය දේශපාලනය සම්බන්ධයෙන් පවතින්නේ බොහොම දුකක්.

    ReplyDelete
  5. අකුරු පොඩි නිසා කියවන්න අමාරුයි දරුවා :D

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න වුන අපහසුතාවයට,
      මන් හිතන්නේ ඉස්සරහ ලිපි වල අකුරු නම් කියවන්න ලේසී වේවි,
      ස්තුතියි උපදෙසට.

      Delete